මාවෙයි සේනාධිරාජා ජෝ බයිඩන්ටත් යුද අපරාධ ‘කේළමක්’ කියයි

Spread the News

දිනසේන රතුගමගේ

mawei135

Divaina :

ශ‍්‍රී ලංකාවේ සිදු වූ යුද අපරාධ සම්බන්ධයෙන් ඉතා සාධාරණ ක‍්‍රියාවලියක් අනුගමනය කෙරෙන තුරු අඛණ්ඩව දෙමළ ජනයා වෙත සහය ලබා දෙන ලෙස දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී හා ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා ඇතුළු නායකයින් කීපදෙනෙකුගෙන්ම 1 දා ඉල්ලීමක් කර තිබේ.

මාවෙයි සේනාධිරාජා හිටපු මන්ත‍්‍රීවරයා සිය ට්විටර් ගිණුම හරහා එම ඉල්ලීම ඇමරිකානු උප ජනාධිපති කමලා හැරිස් මහත්මිය වෙතත් බි‍්‍රතාන්‍ය, කැනඩාව ඇතුළු තවත් රටවල් කීපයක රාජ්‍ය නායකයින් වෙතත් යවා තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ මීළඟ සැසිවාරයේ දී හෝ මේ සම්බන්ධයෙන් වඩා පලදායී හා ස්ථිරසාර යෝජනාවක් සම්මත විය යුතු බව ප‍්‍රකාශ කර ඇති මාවෙයි සේනාධිරාජා හිටපු මන්ත‍්‍රීවරයා සිය ට්විටර් පණිවුඩය සමග ශ‍්‍රී ලංකාවේ යුද අපරාධ ඇතුළත් වීඩියෝ පටයක් ද යවා තිබේ.