මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටින්න කියලා අරාබිය ප්‍රමුඛ ඉස්ලාම් ලීගය බලපෑම් කරන්න රිසානාව බේර ගන්න බැරිඋන මෙහෙ ඉන්න මුස්ලිම් අයට පුලුවන්ද?

Spread the News
මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටින්න කියලා අරාබිය ප්‍රමුඛ ඉස්ලාම් ලීගය බලපෑම් කරන්න රිසානාව බේර ගන්න බැරිඋන මෙහෙ ඉන්න මුස්ලිම් අයට පුලුවන්ද?

source:

අද සෞදි අරාබියේදී අමානුශික ලෙස මරා දැමූ රිසානා වෙනුවෙන් අපගේ සාතිශය කණගාටුව ප්‍රකාශ කරනවා.මතු භවයක ඇයට නිර්වාණ සම්පත්තිය ලැබෙන්න කියලත් බෞද්ධයෙකු වශයෙන් ප්‍රාර්ථනා කරනවා.
රිසානා ගැන නැවතත් කතාවෙනවා. අමානුශික ශරියා නීතියේ නිරුවත ලොවට හෙලි කරමින් ඇය අද සෞදි අරාබියේදි මරා දමනවා.අත්වැරදීමකින් අවුරුදු 4ක මුස්ලිම් දරුවෙකු මිය යාමේ සිදුවීමකට ශරියා නීතිය අනුව වරදකරු වෙමින් රිසානාව මරා දමන්න සෞදි අරාබිය කටයුතු කරන්නේ ශ්‍රී ලංකා රජයේ, මුස්ලිම් කොන්ග්‍රසයේ සහ ලොව පුරා විවිධ ආණ්ඩු වල ඉල්ලීම තුට්ටුවකට මායිම් නොකරමින්.රිසානාව නිදහස් කරගන්න කියලා මෙරටදී සෑහෙන පිරිසක් උද්ගෝෂණය කරනවා.ජාතික හෙල උරුමය, භික්ශූන් වහන්සේලා,මුස්ලිම් සංධාන, සහ වෙනත් විවිධ මානව හිමිකම් සුරැකීමේ සංවිධානද සෞදි අරාබියෙන් විවිධ අවස්ථාවන් වලදී ඉල්ලීම් කලත් ඒවා ප්‍රතික්ෂේප කරනවා.ඇය මුස්ලිම් ජාතික කාන්තාවක් නිසාත් අප රටේ වෙසෙන මුස්ලිම් ප්‍රජාවගේ බලපෑම මගින් ඇය නිදහස් කල හැකි වේ යැයි බොහෝ දෙනා බලාපොරොත්තු වෙනවා.ඒත් එහෙම සිදුවීමක ලකුණක් වත් පෙන්නේ නෑ.
ඒ ගමන් ම නැගෙන ලොකුම ප්‍රශ්නේ තමා මේ ශ්‍රී ලංකාවේ හලාල් වර්ජන රැල්ල නිසා මෙහෙ ජීවත් වෙන මුස්ලිම් අය විසින් අරාබි ලීගයට පැමිණිලි කරලා ලබන මාර්තුවේ තියෙන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමේදි ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටින්න තියන අවස්ථාව අහිමි කරගන්න එපා කියලා මෙහෙ සිටින සමහර මුස්ලිමුන් නගන චෝදනාව කොතෙක්දුරට සත්‍යද කියන ගැටලුව. සැබවින්ම එලෙස ශ්‍රී ලංකාව තුල ජීවත් වන මුස්ලිම් නායකන්ට එලෙස බලපෑමක් කල හැකිව තිබිණිනම් රිසානා අදටද ජීවතුන් අතරය.ඇයට මව්බිමට පැමිණ සිය නෑදෑ හිත මිතුරන් සමග වාසය කිරීමට හැකිව වනු ඇත.
මෙහිදී උපකල්පන දෙකකට එළඹිය හැකිය.
1. එලෙස අරාබිලීගයට බලපෑමක් කිරීමට මෙරට සිටින මුස්ලිම් නායකයන්ට හැකියාව තිබිණි නම් එසේ නොකලේ මන්ද?
2. සැබවින්ම මෙරට සිටින මුස්ලිමුන් අරාබි ලීගය විසින් තුට්ටුවකට ගනන් නොගන්නා බව
පලමු උපකල්පනය නිවැරදිනම් මෙරට සිටින මුස්ලිම් නායකයන් රිසානාව නිදහස් කර ගැනීම සිතාමතාම පැහැර හැරීයැයි කීම නිවැරදිය.එසේ වීනම් රිසානාගේ ජීවිතය ඔවුන්ට මැස්සක් තරම්වත් නොවටිනැයි සිතිය හැක.එහෙත් රටක්ම මේ පිලිබදව අවධානයෙන් සිටින අවස්ථාවක ලකුණු දමා ගැනීමට හෝ රිසානාව නිදහස් කර ගැනීමට කටයුතු කරගන්නවා නිසැකය.
එහෙත් එලෙස සිදු නොවූ නිසා සැබවින්ම සිදුවී තිබෙන්නේ මෙරට මුස්ලිම් නායකයන්ගේ ඉල්ලීම් සෞදි රජය විසින් අළුයම ලූ කෙල පිඩක් මෙන් ඉවතට විසී කිරීමය.එමගින් ඉස්ලාම් අන්තවාදින් විසින් ගෙන යන බොහෝ ප්‍රචාර වලට නැවතීමේ තිත තැබිය හැකිය.
එනම් මෙරට ඉස්ලාම් අන්තවාදය විරුද්ධ වීම හරහා අරාබි ලීගය විසින් ශ්‍රී ලංකා රජයට බලපෑම් කිරීම හෝ තරවටු කිරීමක් කිසිසේත්ම සිදු විය නොහැක.ඒ මෙරට ඉස්ලාම් භක්තිකයන් සෞදි රජයේ පුරවැසියන් නොව කළු හම ඇති  ශ්‍රී ලංකා පුරවැසියන්  පමණක් බව අරාබි ලීගය විස්වාශ කරන බවයි. ඒ අනුව අප තරුම් ගත යුත්තේ  මෙරට මුස්ලිම් නායකයන්ට හා ඔවුන්ගේ අන්තවාදී කණ්ඩායම් සදහා ලෝක මුස්ලිම් දේශපාලනයේ කිසිදු ඉඩකඩක් වෙන් වී නොමැත.මෙයින් අවධාරණය වන්නේ අරාබි ලෝකය විසින් ශ්‍රී ලංකාව කෙරෙහි සිදු කරන සියලු කැපවීම් හා උපකරයන් තවදුරටත් සිදුවන්නේ ද්ව්පාර්ශවීක රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවල ප්‍රතිපලයක් ලෙස මිසක මෙරට මුස්ලිම් නායකයන්ගේ උවමනාවට නොවන බවය.