මහ මුහුද මැද දී හෙරොයින් කිලෝ එකසිය දහයක්‌ අත් අඩංගුවට ගැනීමේ නාකොටික්‌ මෙහෙයුම – අවසන් කොටස අපට දැන් බෝට්‌ටුව පේනවා.. තව පැය දෙකකින් වෙනදේ බලමු!

Spread the News

මහ මුහුද මැද දී හෙරොයින් කිලෝ එකසිය දහයක්‌ අත් අඩංගුවට ගැනීමේ නාකොටික්‌  මෙහෙයුම – අවසන් කොටස
අපට දැන් බෝට්‌ටුව පේනවා.. තව පැය දෙකකින් වෙනදේ බලමු!

පාකිස්‌තානු ජාතික මොහොමඩ් අබ්බාස්‌ ශ්‍රී ලංකා ජාවාරම්කරුවන් පිsරිසක්‌ සමඟ එක්‌ව මහා හෙරොයින් ජාවාරමක නිරතව සිටියේය. පාකිස්‌තානයේ සිට මුහුදු මාර්ගයෙන් හෙරොයින් කිලෝ ග්‍රෑම් 110 ක්‌ ශ්‍රී ලංකාවට ගෙන ඒමට අබ්බාස්‌ සැලසුම් කළේය. ඉරාන නෞකාවකින් ගෙන එන හෙරොයින් තොගය මහ මුහුද මැදදී ලබාගෙන එය ශ්‍රී ලංකාවට ගෙන ඒමේ කොන්ත්‍රාත්තුව අබ්බාස්‌ විසින් භාරදී තිබුණේ ඔහුගේ මිතුරකු වූ සුමුදු වෙතය. සුමුදු තම හිතවතකු වූ සුරංගට එම කොන්ත්‍රාත්තුව භාර දුන්නේ රුපියල් කෝටි තුනක මුදලකටය. පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් ජාවාරම්කරුවන් නොමග යවා හෙරොයින් තොගය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම මෙවර කොටසින් දිගහැරේ.

මහ සයුර මැද කෙරෙන හෙරොයින් ජාවාරම ක්‍රියාත්මක කිරීමට සුදුසුම පුද්ගලයා සොයා ගැනීමට හැකිවීම පිළිබඳව සුqමුදු දැඩි ලෙස සතුටට පත්ව සිටියේය. එහෙත් හෙරොයින් තොගය ප්‍රවාහනය කිරීමේ කොන්ත්‍රාත්තුව භාරගත් සුරංග පොලිසියට සම්බන්ධ අයකු බව සුමුදු දැන සිටියේ නැත.

එසේම සුරංග ක්‍රියාත්මක කිරීමට සූදානම් වන්නේ රහසිගතව මෙහෙයුමක්‌ බවද සුමුදු තේරුම්ගෙන සිටියේ නැත. සුමුදු සුරංග ද කැටිව පාකිස්‌තානු ජාතිකයකු වූ හෙරොයින් ජාවාරම්කරු අබ්බාස්‌ හමුවීමට මීගමුවට ආවේය.

“මේ මගේ හොඳම යාළුවා සුරංග. මෙයා තමයි කන්ට්‍රැක්‌ එක භාරගත්තේ. මෙයාගෙ බෝට්‌ටු තියෙනවා. ඕනෙ තරම් මිනිස්‌සුත් ඉන්නවා. උඹේ වැඩේ අපි හරියටම කරලා දෙන්නම්”

සුමුදු සිය මිතුරා වූ සුරංග පාකිස්‌තානු ජාතික අබ්බාස්‌ට හඳුන්වා දෙන ගමකින් කීවේය. අබ්බාස්‌ට චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ හැකියාව තිබුණේය. සුරංගද ඉංග්‍රීසි භාෂාව කතා කිරීමේ හැකියාව තිබීම තම සැලසුම නියමාකාරයෙන් ක්‍රියාත්මක කිරීමට පහසු විය.

“සුරංග උඹව නිතර කන්ටැක්‌ කරයි. එයා එක්‌ක හැම දෙයක්‌ම කතාකර ගන්න. අපි වැඩේ හරියටම කරමු.

සුමුදු මොහොමඩ් අබ්බාස්‌ගෙන් සමුගෙන සුරංග සමග ආපසු ආවේ දහසකුත් එකක්‌ සිහින මවමින්ය. සුරංග සමඟ එකට ගනුදෙනු කළ ද ඔහු රහසිගතව කරගෙන යන යුග මෙහෙවර පිළිබඳව කිසිදු තොරතුරක්‌ සුමුදු දැන සිටියේ නැත.

සුමුදුගේ මාර්ගයෙන් මොහොමඩ් අබ්බාස්‌ගේ සියලු තොරතුරු ලබා ගත් සුරංග ඒ සියල්ල පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත ලබා දුන්නේය. පොලිස්‌ පරීක්‍ෂක රංග ජීව ඇතුළු නිලධාරීන් මොහොමඩ් අබ්බාස්‌ගේ පැටිකිරිය සොයන්නට පටන් ගත්තේ එතැන් සිටය.

දින දෙක තුනක්‌ ගතවන්නට පෙර අබ්බාස්‌ පිළිබඳ සියලු තොරතුරු හෙළිකරගත් පොලිස්‌ පරීක්‍ෂක රංගජීව ඇතුළු නිලධාරීන් සිය මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සැලසුම්ද සකස්‌ කළහ.

අබ්බාස්‌ නවාතැන් ගෙන සිටින මීගමුව ප්‍රදේශයේ පිහිටි හෝටලය පිළිබඳව තොරතුරු ලබා ගත් පොලිස්‌ නිලධාරී ඒ අවට ප්‍රදේශයේ වෙස්‌වළාගත් පොලිස්‌ කණ්‌ඩායම් කිහිපයක්‌ යෙදවීමට පියවර ගත්හ.

මේ අතර සුරංග දිගින් දිගටම මොහොමඩ් අබ්බාස්‌ සමඟ දුරකථනය ඔස්‌සේ සම්බන්ධ වෙමින් හෙරොයින් තොගය ප්‍රවාහනය කරදීමේ කොන්ත්‍රාත්තුව පිළිබඳ තොරතුරු හුවමාරු කර ගත්තේය.

“සර් ලබන 29 වැනිදා හෙරොයින් පටවගත්ත නැව එනවා ලංකාවේ මුහුදු සීමාව කිට්‌ටුවම අපි බෝaට්‌ටුවක්‌ ලෑස්‌ති කරගෙන ඉන්න ඕනෙ”.

සුරංග පොලිස්‌ පරීක්‍ෂක රංගජීවට කීවේ අවශ්‍ය කටයුතු කඩිනමින් සංවිධානය කර ගන්නා ලෙසයි.

ගැඹුරු මුහුදේ දින දෙක තුනක්‌ ගත කිරීම සඳහා විශාල ප්‍රමාණයේ ට්‍රොaලර් යාත්‍රාවක්‌ අවශ්‍යය. එවැනි යාත්‍රාවක්‌ කුලී පදනම මත ලබාගත යුතුය. පොලිස්‌ පරීක්‍ෂක රංගජීව උප පොලිස්‌ පරීක්‍ෂක මහින්ද ඇතුළු නිලධාරීන් පිරිසක්‌ වැලිගම ප්‍රදේශයට ගොස්‌ දින තුන හතරක්‌ සවාරියක්‌ සඳහා බෝට්‌ටුවක්‌ කුලියට ගැනීම සඳහා සැලසුම් කළහ.

“අපි සමුද්‍ර ගවේෂණ කණ්‌ඩායමක්‌. අපිට දවස්‌ තුන හතරකට බෝට්‌ටුවක්‌ කුලියට ගන්න ඕනෙ.

වෙස්‌වළාගත් පොලිස්‌ නිලධාරීන් මිරිස්‌ස ප්‍රදේශයේ බෝට්‌ටු හිමියන් කීපදෙනකු මුණගැසී ට්‍රොaලර් යාත්‍රාවක්‌ කුලියට ලබා ගන්නට උත්සාහ කළේ සිය මෙහෙයුම සඳහා එය යොදා ගන්නා බලාපොරොත්තුව ඇතිවය.

“අපිට බෝට්‌ටුවක්‌ දෙන්න පුළුවන්. කෑම බීම සියලු පහසුකම් එක්‌ක දවස්‌ තුනක්‌ මුහුදෙ ඉන්න රුපියල් ලක්‍ෂ 7 ක මුදලක්‌ අපට ඕනෙ.”

බෝට්‌ටු හිමියන් කීප දෙනකුගෙන්ම ලැබුණේ එවැනි ප්‍රතිචාරයන්ය. රුපියල් හත් ලක්‍ෂයක මුදලක්‌ වැය කිරීමට තරම් ශක්‌තියක්‌ පොලිස්‌ නිලධාරීන්ට තිබුණේ නැත. මෙහෙයුම ඉතා රහසිගත ආකාරයට කළ යුතුවිය. එහෙත් ඒ සඳහා අවශ්‍ය තරම් සම්පත් පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය සතු නොවීය. පොලිස්‌ පරීක්‍ෂක රංගජීව, උප පොලිස්‌ පරීක්‍ෂක මහින්ද ඇතුළු නිලධාරීන් තමන් මුහුණපා තිබෙන ගැටලුව පිළිබඳව මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධ්‍යක්‍ෂ කමල් සිල්වා දැනුවත් කළේ කිසියම් විසඳුමක්‌ බලාපොරොත්තුවෙන්ය.

ජාත්‍යන්තර හෙරොයින් මාµsයාවට සම්බන්ධ වූවන් ආයුධවලින් සන්නද්ධව සිටිනා බවද පොලිස්‌ නිලධාරීහු හො¹කාරව දැන සිටියහ.

ජීවිත අවදානමක්‌ ගෙන මහ මුහුද මැද කරන්නට යන සටන ඉතාම බියජනක එකක්‌ බව පොලිසි පරීක්‍ෂක රංගජීව ඇතුළු නිලධාරීන් හොඳින් තේරුම් ගෙන සිටියහ.

මේක මහමුහුද මැද්දෙ කරන ලොකු මෙහෙයුමක්‌. ඒ නිසා අපට මේ වැඩේ ආවට ගියාට කරන්න බෑනේ. අපට ජීවිත අවදානමක්‌ ගන්නවත් බැහැ. අපි නේවි එකත් එක්‌ක කතාකරල ඒ අයගේ සපෝර්ට්‌ එක ගන්න බලමු.

ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි කමල් සිල්වා යෝජනා කළේය. වැටලීමට සම්බන්ධවී සිටින නිලධාරීන්ද ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයා ගත් තීරණයට කැමැති වූහ. ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි කමල් සිල්වා නාවික හමුදා බුද්ධි අංශ ප්‍රධානීන් වෙත කතාකර සිය මෙහෙයුමට සහායවීම සඳහා අවශ්‍ය පහසුකම් සපයන ලෙස ඉල්ලීමක්‌ කළේය.

නාවික හමුදා බුද්ධි අශ ප්‍රධානීන්ගෙන් ඊට ලැබුණේ යහපත් ප්‍රතිචාරයකි. ශ්‍රී ලංකාවේ සිට කිලෝ මීටර් සියයකට වඩා දුරින් වූ ගැඹුරු මුහුදේදී සිදුවන හෙරොයින් ජාවාරම වැටලීමේ මෙහෙයුම සඳහා පූර්ණ සහාය ලබාදීමට නාවික හමුදා බුද්ධි අංශය කැමැත්ත පළකළහ.

මේ අතර සුරංග පාකිස්‌තානු ජාතික මොහොමඩ් අබ්බාස්‌ සමඟ දිගින් දිගටම සම්බන්ධතා පවත්වාගෙන යමින් හෙරොයින් ගනුදෙනුව සඳහා අවශ්‍ය සැලසුම් සකස්‌ කරගත්තේය.

මොහොමඩ් අබ්බාස්‌ ලබාදෙන සියලු තොරතුරු සුරංග පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත සැණෙකින් ලබා දුන්නේය. මොහොමඩ් අබ්බාස්‌ මේ හෙරොයින් ගනුදෙනුව සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කරගෙන සිටියේය.

මීගමුවේ පිහිටි හෝටලයක කාමරයක්‌ කුලියට ගත් අබ්බාස්‌ එය මෙම ජාවාරමේ මෙහෙයුම් මධ්‍යස්‌ථානය ලෙස පාවිච්චි කළේය. හෙරොයින් රැගෙන එන නෞකාවේ සිටින විදේශිකයන් සමඟ තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා ඔහු භාවිත කළේ චන්ද්‍රිකා තාක්‍ෂණය ඔස්‌සේ ක්‍රියාත්මක වන ජංගම දුරකථනයන්ය.

එම දුරකථන අබ්බාස්‌ විසින් භාවිත කළේ මෙරට ආරක්‍ෂක අංශයන් සැකයට භාජනය නොවී සිය සැලසුම නියමාකාරයෙන් ක්‍රියාත්මක කිරීම සඳහාය.

මොහොමඩ් අබ්බාස්‌ මීගමුවේ හෝටලයක කාමරයක සිය මෙහෙයුම් මධ්‍යස්‌ථානය පවත්වා ගෙන ගියද හෝටලයෙන් පිටත සිදුවන කිසිවක්‌ ඔහු දැන සිටියේ නැත.

පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ගෙන් සැදුම්ලත් විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් තුනක්‌ හෝටලයෙන් පිටත රැඳී සිටිමින් මොහෙමෙඩ් අබ්බාස්‌ගේ සියලු ගමන්බිමන් ඔහු කරන කියන දැ පිළිබඳව තොරතුරු රැස්‌ කරමින් සිටියහ.

පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් සහ නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් ඒකාබද්ධව මහ මුහුද මැද කුඩු මෙහෙයුම සකස්‌ කරමින් සිටියහ.

නේවි එකට අයිති අඩි 40 ක්‌ දිග ට්‍රොaලර් යාත්‍රාවක්‌ තියෙනවා. ඒක හොඳයි මේ වැඩේට පාවිච්චි කරන්න. අපි ධීවරයො විදිහට වෙස්‌වළාගෙන ගියොත් වැඩේ පහසු වෙනවා.

නාවික හමුදා නිලධාරීන්ගේ උපදෙස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීහු පිළිගත්හ. නාවික හමුදාව දීර්ඝ කාලයක්‌ තිස්‌සේ ලබාගත් පළපුරුද්ද දැනුම අනුව මෙම මෙහෙයුම සාර්ථකව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සැලසුම සකස්‌ කරන්නට වූහ.

“නේවි එකේ ට්‍රොaලර් එක තියෙන්නෙ මීගමුවෙ. ඒක අපිට ගෙනියන්න වෙනවා ගාල්ල වරායට. අපේ ගමන පටන් ගන්න තියෙන්නෙ ගාල්ල වරායෙන්…”

පොලිස්‌ පරීක්‍ෂක රංගජීව සිය නිලධාරීන්ට උපදෙස්‌ දුන්නේය. මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීහු කිහිපදෙනෙක්‌ මීගමුවට ගොස්‌ නාවික හමුදාවට අයත් ට්‍රොaලර් යාත්‍රාවට ගොඩ වූහ. පොලිස්‌ නිලධාරීන්ට අවශ්‍ය වුණේ මේ යාත්‍රාව ගැඹුරු මුහුදේ ක්‍රියාත්මක කිරීමට නියමිත මෙහෙයුමට සුදුසු දැයි සැකහැර ගැනීමටය. ඔවුහු යාත්‍රාවේ නැගී පෙර හුරු ගමනක්‌ යැමට නාවික හමුදාවෙන් අවසර ලබා ගත්හ.

යාත්‍රාවට නැගුණු පොලිස්‌ පරීක්‍ෂක රංගජීව ඇතුළු නිලධාරීහු මීගමුවේ සිට වත්තල ප්‍රදේශය දක්‌වා පෙරහුරු ගමනක යෙදුනෝය.

බෝට්‌ටුව හොඳ තත්ත්වයෙන් තියනවා. අපේ ඔපරේෂන් එක ක්‍රියාත්මක කරන්න තියෙන්නෙ.

පොලිස්‌ නිලධාරීහු මේ සියලු තොරතුරු දිනපතාම මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධ්‍යක්‍ෂ කමල් සිල්වා වෙත වාර්තා කිරීමට වගබලා ගත්හ. තමන් ක්‍රියාත්මක කිරීමට යන බිහිසුණු මෙහෙයුම පිළිබඳව තම බිරින්දැවරුන්ට හෝ ඥති හිතමිත්‍රාදීන්ට තොරතුරු හෙළි නොකිරීමට ද මෙහෙයුමට එක්‌ව සිටි නිලධාරීහු වගබලා ගත්හ.

මේ හැම දෙයක්‌ම ගෙවල්වලට කියන්න ගියොත් අපට ඔපරේෂන් එක හරියට කරන්න වෙන්නෙ නැහැ. ඒ නිසා මුහුදු ගමන ගැන කෙළ බිඳක්‌ පිට කරන්න එපා.

පොලිස්‌ පරීක්‍ෂක රංගජීව සිය සහෝදර නිලධාරීන්ට උපදෙස්‌ දුන්නේය. හෙරොයින් පටවාගෙන පැමිණෙන නෞකාව අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සඳහා පොලිස්‌ පරීක්‍ෂක රංගජීව, උප පොලිස්‌ පරීක්‍ෂක මහින්ද, කොස්‌තාපල්වරුන් වන චමින්ද, ඒ. අබේවික්‍රම සහ වාකිෂ්ඨ යන නිලධාරීහු එක්‌ව සිටියහ.

මෙහෙයුමට එක්‌වන නෞකාවේ කපිතාන්වරයා ලෙස කටයුතු කළේ ලුතිනන් කමාන්ඩර් දිසානායකය.

ඊට අමතරව තවත් නාවික හමුදා නිලධාරීහු පස්‌ දෙනෙක්‌ මෙහෙයුම සඳහා එක්‌ව සිටියහ. මෙහෙයුමට සම්බන්ධ වී සිටි පොලිස්‌ නිලධාරීන් සහ නාවික හමුදා නිලධාරීන් සිය මෙහෙයුම ආරම්භ කිරීමට නියමිතව සිටියේ මාර්තු 28 වැනිදා සවස්‌ කාලයේදීය.

මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට පෙර මත්ද්‍රව්‍ය නාශක අංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි කමල් සිල්වා තම සහෝදර නිලධාරීන් පිරිස කැඳවා ඔවුන්ට අවශ්‍ය උපදෙස්‌ ලබා දුන්නේය.

ඒ වන විට ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයා සිටියේ දැඩි මානසික පීඩනයකින්ය. තම සහෝදර නිලධාරීන් පිsරිසක්‌ මෙවැනි අනාරක්‍ෂිත රාජකාරියක්‌ සඳහා පිටත්ව යද්දී එය කමල් සිල්වා මහතාගේ සිතට මහා බරක්‌ විය.

පොලිස්‌ පරීක්‍ෂක රංගජීව, උප පොලිස්‌ පරීක්‍ෂක මහින්ද ඇතුළු නිලධාරීන් පිරිසක්‌ මහ සයුරේ කුඩු මෙහෙයුමක නිරතවන බව දැන සිටියේ කමල් සිල්වා සහ සහකාර පොලිස්‌ අධිකාරි ජගත් රෝහණ පමණි.

මත්ද්‍රව්‍ය නාශක අංශයේ වෙනත් කිසිදු නිලධාරියෙක්‌ මෙම මෙහෙයුම පිළිබඳව අල්පමාත්‍රයක්‌ හෝ දැන සිටියේ නැත.

මාර්තු 28 වැනිදා සවස 4.00 ට පමණ නාවික හමුදා ට්‍රොaලර් යාත්‍රාවට නැගුණු පොලිස්‌ නිලධාරීන් සහ නාවික හමුදා නිලධාරීන් ගාලු වරායෙන් සමුගත්තේ නැවත නිරුපද්‍රිතව පැමිණීමට හැකිවේද යන සැක සංකාවන් සිතේ රඳවා ගෙනය.

දින දහයකට පමණ අවශ්‍ය කරන ආහාර පාන ට්‍රොaලර් යාත්‍රාවේ පුරවා ගැනීමට පොලිස්‌ නිලධාරීන් කටයුතු කළේ ඕනෑම අවස්‌ථාවකට මුහුණ දීමට සූදානම ඇතිවය.

අවශ්‍ය වුවොත් ප්‍රයෝජනයට ගැනීම සඳහා පොලිස්‌ නිලධාරීහු සියලු දෙනා ගිනි අවිවලින් සන්නද්ධව සිටියහ. එහෙත් ඒ සියලුම අවි ආයුධ බෝට්‌ටුවේ සඟවා තැබීමට ඔවුන් වගබලා ගත්හ.

පොලිස්‌ නිලධාරීන් මෙන්ම නාවික හමුදා නිලධාරීන්ද නියම ධීවරයන්ගේ වෙස්‌ ගෙන සිටියහ. ඒ වන විට නාවික හමුදා බුද්ධි අංශය ද සිය සැලසුම ක්‍රමානුකූලව සකස්‌ කර තිබුණි. මෙහෙයුමට සහාය දීම සඳහා නාවික හමුදාවට අයත් අධිවේගී යාත්‍රා 2 ක්‌ කලින්ම සූදානම් කර තිබුණේය. ඕනෑම අවස්‌ථාවක ඔවුන් ක්‍රියාත්මක වීමට සූදානමින් සිටියහ.

පොලිස්‌ පරීක්‍ෂක රංගජීව සතුව චන්ද්‍රිකා තාක්‍ෂණය ඔස්‌සේ කතා කළහැකි ජංගම දුරකථනයක්‌ තිබුණේය. මෙහෙයුමේ ප්‍රධාන කාර්ය භාරයක්‌ පැවරී තිබුණේ සුරංග වෙතය. පොලිස්‌ පරීක්‍ෂකවරයා සුරංග සමඟ නිතර නිතර තොරතුරු හුවමාරු කර ගත්තේ චන්ද්‍රිකා තාක්‍ෂණ දුරකථන මාර්ගයෙන්ය.

කිලෝ මීටර් 20 ක පමණ දුරක්‌ ට්‍රොaලර් යාත්‍රාව මහ මුහුදේ යාත්‍රා කිරීමෙන් පසු ගොඩබිම සමඟ තිබූ සම්බන්ධතා ඇන සිටියේය. එතැන් සිට ක්‍රියාත්මක වුණේ චන්ද්‍රිකා තාක්‍ෂණයෙන් ක්‍රියා කරන දුරකථනය සහ නාවික හමුදා පණිවුඩ හුවමාරු යන්ත්‍ර පමණි. පොලිස්‌ නිලධාරීන් සහ හමුදා නිලධාරීන් රැගත් ට්‍රොaලර් යාත්‍රාව පරක්‌ තෙරක්‌ නොමැතිව මුහුදේ ඉදිරියට ඇදෙන්නට වුණේය. දීර්ඝ කාලයක්‌ ට්‍රොaලර් යාත්‍රාවේ ගමන් කිරීම බෙහෙවින් අපහසු කටයුත්තකි. නිතර බෝට්‌ටුවල ගමන් නොකිරීම නිසා පොලිස්‌ නිලධාරීන් පස්‌ දෙනාට එය දැඩි අභියෝගයක්‌ විය.

ඒ සියලු අපහසුකම් අමතක කළ පොලිස්‌ කණ්‌ඩායම තම අරමුණ සාර්ථක කර ගන්නා බලාපොරොත්තු ඇතිව ගමනාන්තයක්‌ නැති මහ මුහුදේ යාත්‍රා කරන්නට වූහ.

හෙරොයින් රැගත් යාත්‍රාව ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණෙන්නට නියමිතව තිබුණේ 29 වැනිදා රාත්‍රී කාලයේදීය. ඒ වන විට මොහොමඩ් අබ්බාස්‌ සහ සුරංග නිතර නිතර දුරකථනය ඔස්‌සේ කතා කරමින් තොරතුරු හුවමාරු කරගන්නට වූහ. අබ්බාස්‌ සිතා සිටියේ සුරංගගේ ගෝලබාලයන් පිරිසක්‌ යාත්‍රාවකින් මහ මුහුදට ගිය බවය. අබ්බාස්‌ගේ සිතට සැකයක්‌ මතු නොවන ආකාරයට මේ සියලු සැලසුම් ක්‍රියාත්මක කිරීමට ද සුරංග හැම විටම වගබලා ගත්තේය.

හෙරොයින් රැගෙන එන නෞකාව සමඟ අබ්බාස්‌ නිතර නිතර තොරතුරු හුවමාරු කර ගන්නේ චන්ද්‍රිකා තාක්‍ෂණය ඔස්‌සේ ක්‍රියාකරන දුරකථන හරහාය.

හෙරොයින් රැගත් නෞකාව ගමන් ආරම්භ කළේ පාකිස්‌තානය සහ ඉරාන දේශ සීමාවේ පිහිටි කුඩා ප්‍රමාණයේ වරායකින්ය. පාකිස්‌තානය ඇµaගනිස්‌ථානය, ඉරානය කේන්ද්‍ර කරගත් රන් චන්ද්‍රවංකයේ නිෂ්පාදනය කරනු ලැබූ හෙරොයින් කිලෝ ග්‍රෑම් 110 ක්‌ ශ්‍රී ලංකාවට රැගෙන ඒමේ කාර්ය භාරවී තිබුණේ ඉරාන ජාතිකයන් පිරිසක්‌ වෙතය.

අබ්බාස්‌ ඉරාන, ජාතිකයන් සමඟ සබඳතා පවත්වමින් අදාළ හෙරොයින් තොගය භාර ගැනීමට ශ්‍රී ලාංකික ධීවරයන් පිරිසක්‌ පැමිණෙන බව දැනුම් දී තිබුණේය.

පොලිස්‌ නිලධාරීන් සහ නාවික හමුදා නිලධාරීන් රැගත් ට්‍රොaලර් යාත්‍රාව ශ්‍රී ලංකාවේ සිට කිලෝ මීටර් 110 ක්‌ පමණ දුර ගැඹුරු මුහුදට ළඟා වෙද්දී පසුදා පහන් වී තිබිණි. එදින රාත්‍රිය සියලුම නිලධාරීන් ගත කළේ නිදිවර්ජිතවය.

මහ සයුර අනාරක්‍ෂිතය, කොයි මොහොතක කුණාටුවක්‌ ඒ දැයි නොදනී. කිසියම් අනතුරක්‌ අසනීපයක්‌ සිදු වූවොත් ගොඩබිමට පැමිණීම ලෙහෙසි නැත. තල්මසුන්, මිනී මෝරුන් ගහන මහා සාගරයේ ට්‍රොaලර් යාත්‍රාවට අනතුරක්‌ සිදුවූවොත් බේරා ගැනීමට කිසිවකුත් නැත.

මෙවැනි බියජනක හැඟීම් පොලිස්‌ නිලධාරීන්ගේ සිතට දැනුණුq වාර අනන්තය. අබ්බාස්‌ විසින් ලබාදී තිබූ මුහුදු මාර්ගය ඔස්‌සේ ට්‍රොaලර් යාත්‍රාව මහ මුහුදේ නොපෙනෙන දිශාවකට යාත්‍රා කළේය.

ඉතා ආරක්‍ෂාකාරී ලෙස හෙරොයින් ගනුදෙනුව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නිසා ධීවර බෝට්‌ටු හෝ වෙනත් නෞකාවන් යාත්‍රා නොකරන ප්‍රදේශයකට පැමිණෙන ලෙස ඉරාන නෞකාවේ සිටි පිරිස අබ්බාස්‌ට කලින්ම දැනුම් දී තිබිණි.

ඒ උපදෙස්‌ මත නාවික හමුදා ට්‍රොaලර් යාත්‍රාව කිසිම නෞකාවක්‌ යාත්‍රා නොකරන ප්‍රදේශයක්‌ වෙත යාත්‍රා කරවන්නට එහි සිටි වෙස්‌වළාගත් නාවික හමුදා නිලධාරීහු කටයුතු කළහ.

මාර්තු 29 වැනිදා දහවල් පොලිස්‌ පරීක්‍ෂක රංගජීවගේ දුරකථනය වෙත ලැබුණේ අසුභදායක ආරංචියකි.

හෙරොයින් රැගත් ඉරාන යාත්‍රාව ඉන්දීය වෙරළාරක්‍ෂක හමුදාවට බියෙන් වෙනත් ප්‍රදේශයකට යාත්‍රා කර නැංගුරම්ලා තිබෙන බව සුරංග දැනුම් දුන්නේය. ඉරාන යාත්‍රාව අදාළ ස්‌ථානය වෙත ළඟාවීමට තවත් දවසක්‌ හෝ දෙකක්‌ ගතවන බව පොලිස්‌ පරීක්‍ෂක රංගජීව දැනගත්තේ සුරංග සමඟ කළ දුරකථන සංවාදයෙන් පසුවය.

මේ ආකාරයට දින දෙක තුනක්‌ මහ මුහුදේ ගත කිරීම ලෙහෙසි පහසු කටයුත්තක්‌ නොවන බව පොලිස්‌ නිලධාරීන් දැන සිටියහ. එහෙත් කළයුතු වෙනත් යමක්‌ නොමැත. මෙහෙයුම නතර කර ආපසු ගොඩබිමට යැම කෙසේවත් කළ නොහැක.

ජීවිත අවදානම සහිතව කෙසේ හෝ මහ මුහුදේ ගත කර තම අරමුණ සාර්ථක කර ගැනීමට පොලිස්‌ නිලධාරීහු ඒකමතිකව තීරණය කළහ.

දැඩි අව් රශ්මිය ඉහිලුම් නොදෙයි. ට්‍රොaලර් යාත්‍රාව එක්‌ ස්‌ථානයක නතර කර තැබිය නොහැක. එය සාමාන්‍ය වේගයකින් මහ මුහුදේ යාත්‍රා කරවමින් තම ගොදුර එනතුරු පොලිස්‌ නිලධාරීහු දෑස්‌ අයාගෙන බලා සිටියහ.

ගාලු වරායෙන් දියඹට පැමිණ දින තුනක්‌ ගතවිය. එහෙත් සුරංගගෙන් යහපත් ප්‍රතිචාරයක්‌ නොමැත. ඉරාන යාත්‍රාව තවමත් අදාළ ස්‌ථානය වෙත පැමිණෙන බවට දැනුම් දීමක්‌ නැත.

එක්‌ අවස්‌ථාවකදී නාවික හමුදා යාත්‍රාවේ කාර්මික දොaෂයක්‌ද ඇති වුණේය. දක්‍ෂ නාවික හමුදා නිලධාරියකු දැඩි වෙහෙසකර ක්‍රියාවක නිරත වී යාත්‍රාව කෙසේ හෝ අලුත්වැඩියා කර ගත්තේය.

රොටි පුළුස්‌සාගෙන කමින් හරිහැටි නින්දක්‌ නොමැතිව දින කීපයක්‌ ගත කළ පොලිස්‌ නිලධාරීන් සහ නාවික හමුදා නිලධාරීන් යහපත් පණිවිඩයක්‌ ලැබෙනතුරු බලා සිටියේ බලාපොරොත්තුවේ දැස්‌ දල්වාගෙනය. ගාලු වරායෙන් මහ මුහුදට යාත්‍රාකර දින 3 කට පසු රංගජීවගේ දුරකථනයට සුරංගගෙන් සතුටුදායක ඇමතුමක්‌ ලැබුණේය.

හෙට හවසට ට්‍රොaලර් එක එනවා. අදාළ තැනට ලෑස්‌ති පිට ඉන්න.

සුරංගගෙන් ලැබුණු දුරකථන පණිවිඩය පොලිස්‌ නිලධාරීන්ගේ මෙන්ම නාවික හමුදා නිලධාරීන්ගේ සිත්වලට ගෙන ආවේ මහා සැනසිල්ලකි. මළානිකව හෙම්බත්වී වී සිටි සියලු දෙනා යළි ප්‍රබෝධයෙන් කටයුතු කරන්නට වූහ. ඒ වන විට මොවුහු සියලු දෙනා නියම ධීවරයන්ගේ වෙස්‌ ගෙන සිටියහ. දින තුනකින් මුහුණ සොදා, දත් මැද පිරිසිදු නොවී සිටියේ නියම ධීවරයන්ගේ පෙනුම ලබා ගැනීම සඳහාය.

දින හතරක්‌ තිස්‌සේ දැඩි අව් රශ්මියට සියලු දෙනාගේම සම පිලිස්‌සී ගොසින් තිබුණේය. කාල වර්ණ සිරුරු ඇති නියම ධීවරයන්ගේ ස්‌වරූපය ඔවුන්ගෙන් දිස්‌වන්නට විය.

අප්‍රේල් 01 වැනිදා දහවල් කාලය ගෙවී යමින් තිබිණි. සියලු දෙනා දැස්‌ දල්වාගෙන තෙරක්‌ නොපෙනෙන මහ මුහුද දෙස බලා සිටින්නේ බලාපොරොත්තුවේ සේයාවක්‌ දකින අටියෙනි.

එදින දිවා කාලය ගෙවී යමින් රාත්‍රිය එළඹියේය. හතර අතින් අඳුර වැටීගෙන එද්දී ට්‍රොaලර් යාත්‍රාවක්‌ මහ මුහුදේ මතුවන බව පොලිස්‌ නිලධාරීහු දුටුවෝය. පොලිස්‌ නිලධාරීන්ගේ මෙන්ම නාවික හමුදාවේ නිලධාරීන්ගේ සිත්වලට දැනුණේ දරාගත නොහැකි සතුටකි.

දින තුනක්‌ තිස්‌සේ අපා දුක්‌ විඳිමින් බෝට්‌ටුවේ ගත කළ කාලය දැඩි සේ අප්‍රිය ජනක එකක්‌ විය. තම මෙහෙයුමේ අවසන් අදියරට තමන් පැමිණ සිටින බව පොලිස්‌ නිලධාරීහු තේරුම් ගෙන සිටියහ.

මේ අතර සුරංගගෙන් පොලිස්‌ පරීක්‍ෂක රංගජීවට ඇමතුමක්‌ ලැබුණේය.

අපට දැන් බෝට්‌ටුව පේනවා. තව පැය දෙක තුනක්‌ යද්දී බෝට්‌ටුව අපිට ළඟා වෙනවා.

රංගජීව ගොඩබිම සිට සුරංගට දැනුම් දුන්නේය.

හෙරොයින් තොගය අරගෙන බෝට්‌ටුවේ එන අය හඳුනා ගන්න රහස්‌ වචනයක්‌ තියනවා. රµSම් කියලා තුන් වරක්‌ කෑගහලා අලිබබා කියලා පපුවට ගහ ගන්න ඕනෙ. එතකොට ඉරාන නැවේ ඉන්න අය ඕගොල්ලො එක්‌ක කතා කරයි.

හෙරොයින් ගනුදෙනුව සිදුකරන ආකාරය පිළිබඳව සුරංග පොලිස්‌ පරීක්‍ෂක රංගජීව දැනුවත් කළේය. මේ සියලු තොරතුරු සුරංග වෙත ලබා දුන්නේ හෙරොයින් ජාවාරමේ මහා මොළකරු වූ අබ්බාස්‌ විසින්ය.

එදින රාත්‍රී 10.00 ට පමණ ඉරාන නෞකාව ධීවරයන් මෙන් වෙස්‌වළා ගෙන සිටින පොලිස්‌ නිලධාරීන් සිටි ට්‍රොaලර් යාත්‍රාව ආසන්නයට ආවේය.

සුරංග දැනුම් දුන් ආකාරයට රහස්‌ වචනය කියමින් පොලිස්‌ පරීක්‍ෂක රංගජීව කෑගැසුවේය. එය හඳුනාගත් ඉරාන නෞකාවේ සිටි පිsරිස ට්‍රොaලර් බෝට්‌ටුව අසලට පැමිණියේය. ඉරාන නෞකාව සාමාන්‍ය ට්‍රොaලර් යාත්‍රාවකට වඩා විශාල වූ එකකි. පොලිස්‌ නිලධාරීන් සිටි ට්‍රොaලර් යාත්‍රාවට වඩා අඩි හය හතක්‌ උසින් යුත් ඉරාන නෞකාව තුළ විදේශිකයන් පහළොස්‌දෙනකු පමණ සිටින බව රංගජීව හඳුනා ගත්තේය.

නෞකාවේ සිටි පුද්ගලයෝ පොලිස්‌ නිලධාරීන් සිටි ට්‍රොaලර් යාත්‍රාව අසලට පැමිණ එක්‌ අයකුට එහි ඇතුළු වන ලෙස දැනුම් දුන්හ. කුඩා ට්‍රොaලර් යාත්‍රාවේ සිට ඉරාන නෞකාවට ඇතුළුවීමට ඉණිමගක්‌ හෝ වෙනත් උපකරණයක්‌ තිබුණේ නැත. ඉරාන නෞකාවට ඇතුළු වීමේ භාරදුර කාර්යයට අතගැසුවේ පොලිස්‌ පරීක්‍ෂක රංගජීවය. අඩි හයක්‌ හතක්‌ උස ඉරාන නෞකාවට ඇතුළු වීම පහසු කටයුත්තක්‌ නොවීය. එහෙත් ඒ අභියෝගය භාරගත් රංගජීව සියදිවි පරදුවට තබමින් ඉරාන නෞකාවේ බඳේ එල්ලී එයට ඇතුළු වුණේය.

ඉරාන ජාතිකයන්ගේ සැකයට භාජනය නොවන ආකාරයට හෙරොයින් ගනුදෙනුව කිරීමට රංගජීව වගබලා ගත්තේය. කැඩිච්ච ඉංග්‍රීසි භාෂාවෙන් ඉරාන ජාතිකයන් සමඟ කතා කරමින් ඔවුන් නොමග යෑවූ පොලිස්‌ පරීක්‍ෂක රංගජීව හෙරොයින් කිලෝ ග්‍රෑම් 110 ක්‌ සහිත මලු සියල්ල ට්‍රොaලර් යාත්‍රාවට දැමුවේය.

පොලිස්‌ පරීක්‌ෂක රංගජීව උප පොලිස්‌ පරීකAෂක මහින්ද ඇතුළු පොලිස්‌ නිලධාරීහු නියම ධීවරයන් ලෙස රංගනයේ යෙදුනේ ඉරාන ජාතිකයන් නොමග යවමින්ය.

යම් හෙයකින් තමන් පිළිබඳ සැකයක්‌ ඉරාන ජාතිකයන් තුළ ජනිත වූයේ නම් අත්විඳීමට සිදුවන ඉරණම කුමක්‌දැයි පොලිස්‌ නිලධාරීහු හො¹කාරවම දැන සිටියහ. පොලිස්‌ නිලධාරීන්ගේ මෙන්ම නාවික හමුදා නිලධාරීන්ගේ සිත්වල බියජනක හැඟීම් ඇතිවූ වාර අනන්තය. එහෙත් ඒ සියලු හැඟීම් යටපත් කරගත් පොලිස්‌ පරීක්‌ෂක රංගජීව ඇතුළු නිලධාරීන් ඕනෑම භයානක තත්ත්වයකට මුහුණ දීමට සූදානමින් සිටියහ.

පැය කීපයක්‌ ඉරාන ජාතිකයන් රැගත් බෝට්‌ටුවේ ගත කළ පොලිස්‌ පරීක්‍ෂකවරයා ඔවුන් සමඟ සුහද වෙමින් තම අභිප්‍රාය ඉතාම සූක්‍ෂ්ම ලෙස ඉටුකර ගත්තේය.

ඒ වන විට ට්‍රොaලර් යාත්‍රාවේ සිටි පොලිස්‌ නිලධාරීන් ඉරාන නෞකාව පිළිබඳ ගාල්ල වරායට ආසන්න මුහුදේ නතර කර තිබූ අධිවේගී නාවික හමුදා යාත්‍රා දෙකට කලින්ම දැනුම් දී තිබුණේය.

හෙරොයින් තොගය භාරගත් බවට ඉරාන ජාතිකයන්ගේ බිල්පතක රංගජීව යන නමින් අත්සනක්‌ද තැබූ පොලිස්‌ පරීක්‍ෂකවරයා ඔවුන්ට සමුදී නැවත ට්‍රොaලර් යාත්‍රාවට ආවේය.

මේ ගනුදෙනුව සිදුවන විට මධ්‍යම රාත්‍රිය එළඹ තිබුණේය. හෙරොයින් තොගය රැගත් වෙස්‌වලා ගත් පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් සහ නාවික හමුදා නිලධාරීන් රැගත් ට්‍රොaලර් යාත්‍රාව ආපසු ගොඩබිම බලා එන්නට පිටත් වූහ.

ඒ වන විට ඉරාන ජාතිකයන් රැගත් නෞකාව අත්අඩංගුවට ගැනීමේ නාවික හමුදා මෙහෙයුම ක්‍රියාත්මක වෙමින් තිබිණි.

හතර අතින් පැමිණ සිටි නාවික හමුදා යාත්‍රා කීපයක්‌ හෙරොයින් රැගෙන ආ ඉරාන නෞකාව වටකර අත්අඩංගුවට ගත්තේය.

පැය පහළොවක පමණ මුහුදු ගමනකින් පසු පොලිස්‌ නිලධාරීන් සහ නාවික හමුදා නිලධාරීන් රැගත් ට්‍රොaලර් යාත්‍රාව ගාල්ල වරායට එද්දී පසුදා දහවල් වී තිබිණි.

දින හතරක්‌ තිස්‌සේ මහ මුහුද මැද ක්‍රියාත්මක කළ අති භයානක කුඩු මෙහෙයුම ඒ වන විට අවසන් වී තිබුණේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ට විශාල ජයග්‍රහණයක්‌ අත්කර දෙමින්ය.

හෙරොයින් රැගත් ඉරාන නෞකාව පොලිස්‌ අත්අඩංගුවට පත්වූ පුවත මීගමුව හෝටලයේ සිටි මොහොමඩ් අබ්බාස්‌ දැන ගත්තේ පසුදා උදැසනය. අබ්බාස්‌ සහ එහි සිටි ඔහුගේ සගයන් දෙදෙනා දැඩි ලෙස කලබලයට පත්ව සිටියහ. කොයි මොහොතක හෝ පොලිස්‌ නිලධාරීන් තමන් අත්අඩංගුවට ගන්නට එන බව අබ්බාස්‌ හොඳින් දැන සිටියේය.

ඔහු සිය සගයන් දෙදෙනාද සමග හෝටලයෙන් පිටවී මොන්ටේරෝ රථයෙන් පලා යන්නට උත්සාහ කළේය. එහෙත් ඒ වන විට හෝටලය වටා මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීහු රැකවල්ලාගෙන සිටියහ.

පලායන අබ්බාස්‌ ඇතුළු සගයන් පිටුපස පන්නාගෙන ගිය මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීහු ඔවුන් ගමන් ගත් මෝටර් රථයට වෙඩි ප්‍රහාර එල්ල කළහ.

අවසානයේදී අබ්බාස්‌ සහ ඔහුගේ සගයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්විය.

මාස ගණනක්‌ තිස්‌සේ ක්‍රියාත්මක කළ හෙරොයින් මෙහෙයුම අවසන් වුණේ පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් ඉතිහාසගතවන ජයග්‍රහණයන් රැසක්‌ ලබා ගනිsමින්ය.

අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 110 යේ වටිනාකම රුපියල් ලක්‍ෂ එකොළොස්‌ දහසක්‌ බව තක්‌සේරු කර තිබුණේය. ඉරාන නෞකාවේ ඉරාන ජාතිකයන් 13 දෙනකු සිටි අතර ඔවුන් සියලු දෙනා පොලිස්‌ භාරයට ගත්හ.

පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි කමල් සිල්වාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ පොලිස්‌ පරීක්‍ෂක නියොමාල් රංගජීව උප පොලිස්‌ පරීක්‍ෂක මහින්ද කොස්‌තාපල්වරුන් වන චමින්ද, ඒ. අබේවික්‍රම සහ වාකිෂ්ඨ යන නිලධාරීන් මහ මුහුද මැද කළ සටන ඉතිහාසගත එකකි.

හේමන්ත රන්දුණු