Thu. Aug 29th, 2024
Spread the News

සැබෑ ජනමාධ්‍ය අපේ රටේ තිබෙනවනම්, ජනතාවට අවශ්‍ය කරන දැනුම ලබා දෙමින් එම මාධ්‍ය සමාජය වෙනුවෙන් මහඟු සත්කාරයක් ඉටුකරනවා.

බංකොලොත් දේශපාලනයේ් සෘජු
ප්‍රතිඵලයක් වන ජඩ මාධ්‍ය හිස් අහසේ පැල වගාකර ඒවායේ අස්වනු නෙළන හැටි අහිංසක ජනතාවට පෙන්වා එයින් කොටසක් අමුම අමු පිස්සන් පිරිසක් බවට පත්කරනවා.

ජඩ මාධ්‍ය කරන්නේ මිනිසුන්ගේ දුක් වේදනා අසහනය හා අනාරක්ෂිතභාවය ඔවුන් විසින් ප්‍රචාරය කරන වෙනත් වෙළඳ භාණ්ඩවලට අමතරව මෙම ඛේදවාචකයත් කිසිම හිරිකිතයක් නැතුව විකුණනවා.

මංකොල්ලකරුවන් දූෂිතයින්, හොරුන් තක්කඩින් වැඩි වැඩියෙන් දේශපාලනයට ඇදී එන්නේ ජඩ මාධ්‍ය විසින් වැපුරු බෝගවල අස්වනු නෙළා ගෙනයි.

ශ්‍රී ලාංකිකයින් වන අප වාඩිවී සිටින්නේ නිධානයක් උඩ යයි වාමාංශික මෙන්ම දක්ෂිණාංශික කඳවුරේ අයත් රස කරමින් ජනතාවට කියනවා.

ඒ දෙපිරිසටම කඳුළු ගංගාවත් නිධානයක් වන්නේ ඒ වතුරේ මිරිදිය මාළු වෙනුවට කරදිය මාළු ඇති කරන්න පුළුවන් කියා ජනතාව රවටන්න පුළුවන් නිසා.

රටක් දියුණු කරන්න අවශ්‍ය කරන සාධක සහිත කරදිය වළල්ලකින් අපේ දූපත වටවිි තිබුණත්, දුප්පත් ධීවරයා ගැන හිතලා අඬන මාළුවන්ගෙන් මුහුදේ ලුණු රසය තවත් වැඩි වෙලා කියලා හිතලුවක් ලෙස යමෙක් කීවොත් එය සාහිත්‍යයට පමණක් සිිමා කරන්න එපා.

අහසේ වී වගා කර අහිංසක ගොවියන් රවටන ජඩ මාධ්‍යයෙන් පෝෂණය වන තක්කඩි දේශපාලුවන් ධීවරයන්ට කරන දේම තමයි අහිංසක ගොවියන්ට කරන්නෙත්.

මේක රුදුරු චක්‍රයක්.

රට බාර ගැනීමේත්, රට ගොඩ ගැනීමේත්, දියුණු කිරීමේත් වගකීම අනාගතයේදී පැවරිය යුත්තේ මේ “රුදුරු චක්‍රය” කඩා බිඳ දමන්නට හැකි පෞරුෂයෙන් හෙබි වීර චරිතයකට පමණයි.

හිරු දුටු කදෝ්පැනියන් ලෙස ජඩ මාධ්‍යත් එදාට තමන්ගේ “ආලෝකය” නිවා ගන්නවා. එය ජඩ දේශපාලනයේත් අවසානය සනිටුහන් කරනවා.

-තෙවැනි ඇස-
05.07.2024