Breaking
Sat. Sep 14th, 2024

භද්දිය හාමුදුරුවනේ ලංකාවේ ජාතිය පිළිබඳ අනන්‍යතාවය ඇත්තේ සිංහල ජනතාවට පමණයි

Spread the News

මාවරලේ භද්දිය කියන්නේ මම ඉතාමත් ගරු කරන ප්‍රිය කරන ස්වාමීන් වහන්සේ නමක්.

හිතු දේ නොපැකිළව කියන්න උන්වහන්සේට මේ ශක්තිය ලැබී තිබෙන්නේ සිංහල බෞද්ධ අනන්‍යතාවය නිසා බව 100%ක්ම විශ්වාසයි. උන්වහන්සේ පවසන මෙම අවදානම සිංහල බෞද්ධයින්ට පමණක් නොව සිංහල නොවන බෞද්ධයින්ටත් ලංකාවේ සෑම පුරවැසියෙකුටත් රටටත් දැඩි ලෙස හානි කර තත්ත්වයක් උදා කරන බව ඉතාමත් පැහැදිලියි.

සුප්‍රසිද්ධ ධර්මධර භික්ෂුවක් ලෙස සමහරවිට උන්වහන්සේට අපහසු වෙන්න පුළුවන් මේ බෞද්ධ විරෝධී බලවේගයේ මහ මොළකරුවා කවුද කියා ප්‍රසිද්ධියේම පවසන්න.

කමක් නෑ ස්වාමීන් වහන්ස. මේ කටයුත්ත මම සතුටින් බාරගෙන පසුගිය වසර 30 40ක් තිස්සේ සැබෑ සතුරන් කවුද කියා ලොවටම හෙළි කරමින් සිටිනවා. ඔවුනුත් මට නිරන්තරවම ප්‍රතිප්‍රහාර එල්ල කරනවා. ඒවායින් නොසැලීමා ඉදිරියටම යනවා.

මට ඔබ වහන්සේගෙන් කාරුණික ඉල්ලීමක් කරන්න තිබෙනවා ජාතිය හැඳින්වීමේදී ලංකාවේ ජාතිය පිළිබඳ අනන්‍යතාවය ඇත්තේ සිංහල ජනතාවට පමණක් බවත්, අන් අය විව්ධ ජන කොටස් බවත්, අනාගතයේ සිදුවිය යුත්තේ ඒ හැම ජන කොටසක්ම සිංහල ජාතිය නැමැති ඒකඡත්‍රය යට සිංහල ජාතියට අයත් විය යුතු බවත්, සංස්කෘතික හා ආගමික වශයෙන් ඔවුන්ගේ වාර්ගික හා ආගමික අනන්‍යතාවය රැක ගැනීමේ පූර්ණ අයිතියක් ඔවුන්ට අනිවාර්යෙන්ම ලැබිය යුතු බවත් පවසන්න.

ඒ සමගම බුද්ධාගම කියන වචනය වෙනුවට බුදු දහම කියා පවසන මෙන් නමස්කාර පූර්වකව ඉල්ලා සිටිනවා.

(මහාචාර්ය එඩ්වර්ඩ් එම් පෙරේරා)

Related Post