පොලිස් නිලධාරීන් ගස්ගල්වලට මුවාවී පාරට පනින ක‍්‍රමය ඉවත් කරනවා

Spread the News

ධම්මික සල්වතුර/ වාසල සේනාරත්න

saratw333Divaina : මහජනතාවට පීඩා වන අයුරින් ගස්ගල්, තාප්ප වලට මුවාවී ක්ෂණිකව පාරට පැන රථවාහන නවත්වන ක‍්‍රමය පොලිසියෙන් ඉවත් කරනවා යැයි මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසීය.

ඒ මහතා එසේ සඳහන් කළේ පෙරේදා (31 දා අමාත්‍යවරයාගේ නිවසේ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදීය.

මහජනතාවගේ ආරක්ෂාව තව තවත් තහවුරු කිරීම සඳහා සහ පොලිස් සේවයේ උන්නතිය සඳහා විශාල වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කිරීම ආරම්භ කළා.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයට මෙවර අයවැයෙන් ලැබූ ප‍්‍රතිපාදන වලට අමතරව රුපියල් මිලියන දෙදහස් පන්සියයක් දිවයිනේ ඇති සියලූම පොලිස් ස්ථානවල ඇති යටිතල පහසුකම් නැංවීම සඳහා ලැබී තිබෙනවා.

පොලිසියෙන් ගෞරවනීය සේවාවක් ලබා ගැනීමට නම් පොලිස් නිලධාරීන්ගේ සේවයත් ගෞරවනීය ලෙස සැලකිය යුතුයි. පොලිස් ස්ථානවල ඇති සියලූම යටිතල පහසුකම් නංවා වැඩි දියුණු කළ යුතු වෙනවා. සමහර පොලිස් ස්ථානවල හරිහැටි වැසිකිළි කැසිකිළි පහසුකම්වත් නෑ. වතුර බොන්න පයිප්පයක් වත් නැති පොලිසි තිබෙනවා. රාජකාරි සඳහා පිට පළාත්වලින් එන පොලිස් නිලධාරීන්ට ආහාර ගන්න වෙලා තියෙන්නෙ වැඩි මිලට කඩවලින්. මේවාට ඔවුන්ට හරිහැටි මිල මුදල් නෑ. මේවාට පිළියම් ලබාදිය යුතුයි. මේ නිසා පොලිස් සේවය සඳහා අරක්කැමියන් බඳවා ගැනීමත් සිදු කරනවා.

පොලිස් නිලධාරීන්ගේ නිලතල උසස්වීම් වසර ගණන් පමා වී තිබෙනවා. සමහර පොලිස් සැරයන්වරු, පොලිස් කොස්තාපල්වරු වසර පහළොව විස්ස එකම නිලයේ සිටිනවා. ඔවුන්ගේ මානසිකත්වය පිරිහී නොයන්නට ඔවුන්ගෙන් ගෞරවනීය සේවයක් ලබා ගැනීමට සියලූම සුදුස්සන්ගේ නිලතල උසස් කරනවා.

සියලූම පොලිස් ස්ථාන ආවරණය වන අයුරින් ග‍්‍රාමීය ආරක්ෂක කමිටු පිහිටුවා ග‍්‍රාමීය වශයෙන් ඇති සියලූ ¥ෂණ අපරාධ මැඬලීමේ වැඩපිළිවෙළකුත් අපේ මේ අලූත් වැඩපිළිවෙළින් කි‍්‍රයාත්මක කරනවා.