Mon. Jul 1st, 2024
Israel Rejects Order By Un Court To 'immediately' Halt Rafah AssaultImage By Yahoo
Spread the News

ආරියතිලක
2024.05.26

‘‘පහරදීම් නවතනු‘‘ ජාත්‍යන්තර අධිකරණයෙන් ඊශ්‍රායලයට නියෝගයක්

දකුණු ගාසා තීරයේ රෆා නගරයට එල්ල කරන හමුදා ප්‍රහාර වහාම නතර කරන ලෙස ජාත්‍යන්තර අධිකරණය ඊශ්‍රායලයට නියෝග කර ඇත.

දකුණු අප්‍රිකානු නීතිඥයන් ජාත්‍යන්තර අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බලමින් මෙම නියෝගය නිකුත් කර ඇතෙතේ විනිසුරුවරුන් පසළොස් දෙනෙකුගෙන් සමන්විත ජාත්‍යන්තර අධිකරණයෙහි විනිසුරුවරුන් 13 දෙනෙකුගේ එකඟත්වයෙන් මෙම නියෝගයනිකුත් කර ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත

අතිශයින් ජනප්‍රිය වූ මුවන් පැලැස්ස නම් ගුවන්විදුලි නාට්‍යයට අප සවන් දී ඇත. රස විඳ ඇත. එහි කෝරළේ මහතාගේ (ආරච්චිල) හා පිනාගේ චරිත ඉතා රසවත් ය. යායේ කවරෙකුගෙන් හෝ පැමිණිල්ලක් කොර්ළේ මහතාට ලද හොත් කෝරළේ මහතා එය විභාග කිරීමට බහින්නේ, යුත්තිය සාධාරණය ඉටු කිරීමට, ඉටු වීමට වඩා තමන්ගේ කෝරළේ ගම්මුලෑදෑනි පට්ටමේ ගර්වය තම යායේ එවුන්ට පෙන්වීමටත් තම ගම්මුලෑදෑනි ඇඳුම් ආයිත්තම්වල පුරාජේරුකම සහිත පුහු මාන්නය යායට ගමට පෙන්වීමත් ය.
පිනා විසින් ද කියන ඕපදූප විශේෂයෙන් කෝරළේ මහතා අසා සිටී. පිනා විසින් කරන පැමිණිල්ලට ද විශේෂ සැළකිලිමත් බවක් ඔහු දක්වයි. මුවන්පැලැස්සෙහි මෙන් කොර්ළේ මහතා සහ පිනා යන චරිත නූතන වශයෙන් ජාත්‍යන්තර කරලියට පැමිණ ඇති සෙයකි. පිනාගේ පැමිණිල්ලට කෝරළේ උන්නැහේළා විසින් තම ගර්වයට තත්වයට, අපිත් ඉන්නවා කියන්න, මොකවත් කළ යුතු ය. ඒ වුණත් මුවන් පැලැස්සේ කෝරළේ මහතාගේ සහ පිනාගේ චරිත තරම් රසවත් නැත.