Breaking
Fri. Sep 13th, 2024

නැවත පදිංචිකිරීම් ඇමැති උතුරේ මහ ඇමැති හමුවෙයි

Spread the News

නැවත පදිංචිකිරීම් ඇමැති
උතුරේ මහ ඇමැති හමුවෙයි

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

උතුරු ප්‍රදේශයේ නැවත පදිංචිකිරීම සහ ඒ සම්බන්ධව පවතින ගැටලු පිළිබඳව විශේෂ සාකච්ඡාවක්‌ නැවත පදිංචි කිරීම, ප්‍රතිසංස්‌කරණය හා හින්දු ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය ඩී. එම්. ස්‌වාමිනාදන් මහතා සහ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතා අතර පසුගිය 24 වැනිදා පස්‌වරුවේ පැවැත්විණි.

මෙම හමුව කොළඹ 07, රොස්‌මීඩ් පෙදෙසේ පිහිටි නැවත පදිංචි කිරීම, ප්‍රතිසංස්‌කරණය හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී. එම්. ස්‌වාමිනාදන් මහතාගේ නිවසේදී පැවැත්විණි.

විවිධ හේතූන් මත වලිකාමම් උතුර ප්‍රදේශයේ නැවත පදිංචිවීම සඳහා මෙතෙක්‌ නිදහස්‌ කර නොමැති ඉඩම් අක්‌කර 6000 ක භූමි භාගයෙන් කොටසක්‌ නිදහස්‌ කර එම ප්‍රදේශවලින් අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීම දින සියය වැඩ සටහනෙහි පළමු කාර්යය ලෙස සිදු කිරීමට බලාපොරොත්තු වන බවත්, ඒ පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව නැවත පදිංචිකිරීම, ප්‍රතිසංස්‌කරණය හා හින්දු ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය ස්‌වාමිනාදන් මහතා කීය.

නැවත පදිංචි කිරීමේ වැඩසටහන සාර්ථකව සිදුකිරීමේදී ඒ ප්‍රදේශවල පවතින ගැටලු පිළිබඳව අවබෝධයක්‌ ඇති උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු අනෙකුත් පාර්ශ්වයන්ගේ සහයෝගය ලබාගත යුතු බවත්, ඒ අනුව අවතැන් වූ ජනතාවගේ හෙට දිනය සමෘද්ධිමත් කළ හැකි බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙනු ලැබීය.

මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ තවත් විශේෂ කරුණක්‌ වූයේ ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් නැවත පදිංචි කිරීමේ කාර්යයයි.

 

Related Post