Elephants 4864736 1280
Spread the News

විදේශිකයෙක් ශ්‍රී ලංකාව ගැන මෙතරම් උනන්න්දුවක් දක්වන්නේ ඇයි ?

යමක් මොහොතකට හෝ තම රටින් නික්ම යන්නේ ඔහුගේ ජීවිතයේදී ඔහුට දැනෙන අඩුවක් පුරවාලිමටය. ලොව අන්‍ය රටක වූ මිනිසෙක් ශ්‍රී ලංකාව ගැන උනන්දු වේ නම් ඒ එම රටේ නොමැති දෙයක් මෙහි තිබීම නිසා විය යුතුය. ලෝකයේ කෙතරම් දියුණු රටවල් ඇත්ද ? ඒවායේ ඇති සැප උපරිමය. එවැනි සැප භුක්ති විඳින්නෙක් එම සැප හැරදමා මොහොතකටවත් අන්‍ය ස්ථානයක ලැගුම් ගනීද ?

නමුත් එවැනි වූ සැපක් හැරදමා යම් තැනක දවසක් හෝ ලැගුම් ගන්නට යමකු සිතයි නම් එසේ නම් ඊටත් වැඩිය සැපක් එම අන්‍ය ස්ථානයේ තිබිය යුතුය. ඔවුන් සිතන ආකාරයට එවැනි වූ සුප්‍රීම් සැපක් ඇති ස්ථානයකි ශ්‍රී ලංකාව.

එවැනි වූ සුප්‍රීම් සැපක් මෙහි ඇත යයි රට්ටුන් දකින්නේ මෙහි තරු පහේ හෝටල් තිබීම නිසාද ? කාපට් පාරවල් තිබීම නිසාද ?  තරු පහේ රාත්‍රී සමාජ ශාලා හෝ තරු පහේ සුපර් මාකට් තිබෙන නිසාද ? ඒ ගැන සලකා යමෙක් නික්මෙනවා නම් තම තමන්ගේ රටවල් හැර වෙන කවර රටක් ඊට සරිලයිද ?

ස්වභාව ධර්මය, ස්වභාව ධර්මයේ පිහිටීම් සහ නිහඬතාව යන කරනු තුන ආස්වාද කිරීම සඳහා ඔවුන් මෙරටට ඇලුම් කරන්නේය.

ප්‍රශ්නයක් අහන්නද ?

එවැනි වූ පැමිණෙන අයට ලැගුම් හල් සහ අන්‍ය සැප දෙමියි කියා මෙරට ස්වභාව ධර්මය විනාශ කරන්නේ ඇයි ?

උදාහරණයක් !

තරු පහේ හෙවත් සංකීර්ණ සැප හැර මෙරට පැමිණෙන්නේ සරලකම නිසා විය යුතුය. එවනු වූ පුද්ගලයෙකුට අප මෙහෙත් තරු පහේ සැප සුදානම් කරයි නම් ?

එනිසා,

ස්වභාව ධර්මය රකින්න.

ස්වභාව ධර්මයට ගරුකරන්න.

ස්වභාව ධර්මයට නමස්කාර කරන්න.

– වෛද්‍ය ධම්මික විජේරත්න