Spread the News
Picture Courtesy Bowden.info

වෙල් යායක ගොන් දෙන්නෙක් කකා උනී

ඉන් එක ගොනෙක් වළිගය නැතිව වැනි වැනී

වළිගය ඇති එකා මැස්සන්ට බැට දුනී

දුප්පත්කමත් (පණ්ඩිත කමත්) වළිගය නැති ගොනා වැනී

මේවා කියන්නේ ප්‍රාඥයින් නොව අහිංසක ගැමියන්.

විශේෂ අධ්‍යාපනයක් විසින් හැඩගස්විමක් නොකළද බෞද්ධ සංස්කෘතිය විසින් හික්මවනු ලැබූ සරල මිනිසුන් දැවැන්තයින්ට වඩා ගුණාත්මක වටිනාකමක් හෙළ සමාජයට දායාද කර ඇත.

මෙම පණිවිඩය විශේෂයෙන්ම යොමුවන්නේ මාගේ අධ්‍යාපන මට්ටම මෙන්ම චින්තනයද ඇහේ වැටුණු කුණක් සේ සළකන,
නැති පාණ්ඩිත්‍යයක් හරහා දේශපාලන ලෝකයේ පොරවල් වීමට දඟලන සියලුම අය වෙණුවෙන්.

අපේ රටට මේ විනාශය සිදු වුණේ ප්‍රශ්නය කුමක්ද කියා හරි හැටි තේරුම් නොගෙන උත්තර සොයන්න ගිය ඊනියා බුද්ධිමතුන් නිසා බව
නොපැකිලවම කිවමනායි.

-තෙවැනි ඇස-
13.11.2023