දළදා මාළිගාවට බෝම්බ ගසා අදට වසර දාහතරයි

Spread the News

දළදා මාළිගාවට බෝම්බ ගසා අදට වසර දාහතරයි

සිරිල් විමලසුරේන්ද්‍ර source:

එල්. ටී. ටී. ඊ. කොටි ත්‍රස්‌තවාදීන් මහනුවර ශ්‍රී දළදා මාළිගාවට ලොරි බෝම්බයකින් විනාශයක්‌ සිදුකර අද (25 දාට) දිනයට වසර 14 ක්‌ පිරෙයි.

වර්ෂ 1998 ජනවාරි 25 වැනිදා උදෑසන 6.05 ට බෝම්බය පුපුරුවා හැරීමෙන් බැතිමතුන් ඇතුළු දොළොස්‌ දෙනකුගේ ජීවිත ද විනාශ විය.

නඩු විභාගයකින් පසු එල්. ටී. ටී. ඊ. කොටි ත්‍රස්‌තවාදීන් බව කියන පුද්ගලයන් දෙදෙනකුට මරණීය දණ්‌ඩනය මහනුවර මහාධිකරණයේ දී නියම විය.

ශ්‍රී දළදා මාළිගා කොටි බෝම්බයෙන් විනාශ වූ සිද්ධිය අසන්නට ලැබුණු ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කීර්තිමත් භූ විද්‍යාඥයකු වූ මහාචාර්ය පී. ඩබ්ලිව්. විතානගේ මහතා ද 1998 ජනවාරි 25 වැනිදා හදිසියේම ජීවිතක්‌ෂයට පත් විය.

මේ පිළිබඳ ලියෑවුණු විශේෂ ලිපියක්‌ අද පත්‍රයේ 12 වැනි පිටුවේ පළවේ.