Breaking
Sat. Sep 14th, 2024

ජීවනෝපායන් අභ්‍යන්තරීකරණය කරගන්නා පුද්ගලයින් එදිනෙදා ව්‍යවහාරයේ හැඳින්වෙන්නේ දෙපිටකාට්ටුවන් ලෙසින්

Spread the News
Photo by Elias Boberg: PEXELS

සංස්කෘතිය තුළ ජීවත් වෙමින් එයට පටහැනි ජීවනෝපායන් අභ්‍යන්තරීකරණය කරගන්නා පුද්ගලයින් එදිනෙදා ව්‍යවහාරයේ හැඳින්වෙන්නේ දෙපිටකාට්ටුවන් ලෙසින්. තමන් කරනා වැරද්ද තමන්ට නොපෙනීම මෙහි ඇති බරපතලම ඛේදවාචකයයි. ඉස්සර නම් ගැමියන් කීවේ “කතාව නම් දෝලාවෙන් යන්න වෙන්නේ කකුල් දෙකෙන්” කියා. ඒකට දැන්, “කතාව නම් කකුල් දෙකෙන්, ගමන් යන්නෙ ප්‍රාඩෝවෙන්”. මේක ඇත්තෙන්ම ප්‍රාඩෝවක් නොව, ප්‍රෝඩාවක්. තිරය මත දිග හැරෙන චිත්‍රපටය අවසන් වන්නේ ” වෙන ස්වර්ගයක් කුමටද” කියන ප්‍රශ්නයත් සමඟයි. ගමරාළගේ කීම අහළ, සියලු දෙනාම එකතුවෙලා අලියාගේ වළිගේ එල්ළිලා ජිව්‍යලෝකේ යන්න ගොස් සිදුකරගත් විපත නැවත සිහිපත් කරන්නේ බත් ටික සපයා දෙන ගොයම් ටික වන සිවුපාවුන්ගෙන් ආරක්ෂා කර ගන්නේ කොහොමද කියලා නැවත නැවතත් සිතා බලන්න කියා මතක් කිරීමටයි. මොන දිව්‍යලෝකය වුණත් තමන් උපන් භූමියට වඩා හොඳ වෙන්න විදිහක් නැහැ.

-තෙවෙනි ඇස-

Related Post