ජවිපෙ නව ප්‍රවනතාවය භයානකයි!

Spread the News

ජවිපෙ නව ප්‍රවනතාවය භයානකයි!
උසස්‌ අධ්‍යාපන අමාත්‍ය – එස්‌. බී. දිසානායක source:

ප්‍රශ්නය – ජනතා විමුක්‌ති පෙරමුණේ සාමාජිකයන් පිරිසක්‌ ජනතා විමුක්‌ති පෙරමුණ නිදහස්‌ අධ්‍යාපනය රැක ගැනීම සඳහා කරන අරගලය ප්‍රමාණවත් නොවන බව ඇතුළු විවිධ හේතු සාධකයන් ඉදිරිපත් කරමින් දැඩිව කොමියුනිස්‌ට්‌වාදය වෙත නැඹුරු වී සිටිනවා.

ඔබ හිටපු කොමියුනිස්‌ට්‌වාදියකු ලෙස මෙම නව ප්‍රවණතාවය දකින්නේ කෙසේද?

පිළිතුර – මෙම ප්‍රවණතාවයේ භයානක පැති කීපයක්‌ තිබෙනවා. එකක්‌ තමයි මෙම විප්ලවවාදී පක්‍ෂය හදන්න යන අයගෙන් වැඩි දෙනෙක්‌ දේශපාලන වශයෙන් තිරයෙන් පසුපස සිටිමින් යම් යම් කාරණා කරපු අය. එසේත් නොමැති නම් රහසිගතව සිටිමින් දේශපාලනය කළ අය.

ඒ වගේම මේ අය උතුරේ ගිහින් වැඩ කිරීම, එල්. ටී. ටී. ඊ. එක්‌ක සමඟ සම්බන්ධතා ඇති කර ගැනීමට කටයුතු කිරීම වැනි කටයුතු දකින්න තිබෙනවා. එම නිසා මේ අය උතුරේ සහ දකුණේ යළි සන්නද්ධ ක්‍රියා මාර්ගයක්‌ ගැනීම සඳහා දරණ උත්සාහයේ මූල බීජ කියල මට සිතෙනවා.

ඒ වගේම මේක පිටුපස ලංකාව අපහසුතාවට පත් කිරීමට ඕනෑකමක්‌ තිබෙන යුරෝපය සහ ඇමරිකාව පදනම් කරගත් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවලින් මේ අය රහසිගත උපකාර ලැබෙනවයි කියල අපට දැනෙනවා. එම රාජ්‍ය නොවන සංවිධානවලට විශාල කේන්තියක්‌ තිබෙනවා. යුද්ධයේ තීරණාත්මක අවස්‌ථාවේදී ඒ අයව ජනාධිපතිතුමා විසින් පිටමන් කිරීම පිළිබඳව. ඒ වගේම මැදපෙරදිග වගේ, ලිබියාවේ වගේ මේ රටේත් අවුල් ජාලාවක්‌ කිරීම සඳහා දරණ උත්සාහයක සෙවනැලිත් මේ තුළ දකින්න ලැබෙනවා. ඒක හොඳ ප්‍රවණතාවයක්‌ නොවෙයි. භයානක ප්‍රවණතාවක්‌.

සාකච්ඡා කළේ – එරික්‌ ගාමිණී ජිනප්‍රිය