Spread the News

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col)  සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන

1. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධූර කාලය 2024 නොවැම්බර්වලදී අවසන් වේ. ඒ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින්
එතෙක් පැවති ජනාධිපති ධූර කාලය වසර 6 සිට 5 දක්වා අඩු කළ හෙයිනි.

2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.(ආ) අනුව්‍යවස්ථාව අනුව ජනාධිපතිගේ ධූර කාලය වසර 6කට වඩා වැඩිකර ගන්නේ නම් ජනමතවිචාරණයක් පැවැත්විය යුතුය. නමුත් වසර 5 සිට 6 දක්වා වැඩිකර ගැනීමට ජනමතවිචාරණයක් අවශ්‍ය නොවේ. ඒ සඳහා අවශ්‍ය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝනයකට පාර්ලිමේන්තුවේ 2/3 ක (150ක්) මන්ත්‍රී ඡන්දයක් පමණි.

3. එවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ජනාධිපති ධූර කාලය වසර 6ක් දක්වා වැඩි කර ගැනීමෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට 2025 නොවැම්බර් දක්වා ජනාධිපති ධූරයේ කටයුතු කළ හැකිය.

4. එය රටේ පවතින ආර්ථික අර්බුදයට විසඳුමක් වන්නේද යන්න කීමට තවම කල් වැඩිය.

http://neethiyalk.blogspot.com/2024/05/83.html?m=1

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col)  සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394 (2024.05.29)