කොරෝනා වැළඳී මියයන මුස්ලිම් ජනතාවගේ සිරුරු වළලන්න අවසර දුන්නාද? ඥානසාර හිමියෝ රජයෙන් අසති

Spread the News
සාවද්‍ය ප‍්‍රකාශ කර ආගමික සහජීවනය බිඳ දැමීමට කටයුතු කරන සිලෝන් තව්හිද් ජමාත් සංවිධානයේ මහ ලේකම් අබ්දුල් රාසික් නමැත්තා වහා අත්අඩංගුවට ගෙන නීතිය ක‍්‍රියාත්මක කළ යුතු බවද උන්වහන්සේ කීහ.

උපුටා ගැනීම දිවයින – සිරිමන්ත රත්නසේකර

කොරෝනා ආසාදනයෙන් මියයන මුස්ලිම් ජනතාවගේ සිරුරු භූමදානය කිරීමට රජය අවසරය දී තිබේද නැද්ද යන්න ජනපති හෝ අගමැති වහා රටට කිව යුතු බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඊයේ (10 වැනිදා* සඳහන් කළහ.

එසේ නොවන්නේ නම් ඒ සම්බන්ධයෙන් සාවද්‍ය ප‍්‍රකාශ කර ආගමික සහජීවනය බිඳ දැමීමට කටයුතු කරන සිලෝන් තව්හිද් ජමාත් සංවිධානයේ මහ ලේකම් අබ්දුල් රාසික් නමැත්තා වහා අත්අඩංගුවට ගෙන නීතිය ක‍්‍රියාත්මක කළ යුතු බවද උන්වහන්සේ කීහ.

මුස්ලිම් ජනතාවගේ මෘතදේහ ආදාහනය කිරීමට රජය අවසරය දී ඇති බවත්, මුස්ලිම් ජනතාවගේ හැඟීම් තේරුම් ගත් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට සහ අලි සබ්රි අධිකරණ ඇමැතිවරයාට ස්තූතිය පුද කරන බවත් දන්වමින් ඔහු විසින් නිවේදනයක් නිකුත් කර ඇති බවද ඥානසාර හිමියෝ පැවසූහ.

මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් රජය අනිවාර්යයෙන්ම සිදු කළ යුතු බවත්, දැනට සිදු වන ක‍්‍රියාදාමයන් සිංහල බෞද්ධ සමාජය ප‍්‍රකම්පනයට සහ ආතතියට පත් කරන්නක් බවත් ඥානසාර හිමියෝ වැඩිදුරටත් පැවසූහ.