Resolution, United Nations, Palestinian Membership
Spread the News

සියලු මනුෂ්‍ය ප්‍රජාව සතුටින්, සුවසේ ජීවත් විය යුතු ය ජීවත් කරවිය යුතු ය. ඒ සදහා පණට තිබෙන අයිතිය පිළිගත යුතු ය. සියලු දෙනාගේ පණ රැකිය යුතු ය. කොටින් ම කියනවානම් පරමාධිපත්‍ය යනු පණට තිබෙන අයිතිය යි. කිසිවෙකුටත් ම තමාගේ මෙන් ම අන්‍යයන්ගේ පණට තිබෙන අයිතිය අත් හළ නො හැක. පණ ආරක්ෂා කර ගැනීමට තිබෙන සාධාරණ, අවිහිංසාවාදී සියලු ක්‍රියාකාරකම් ආරක්ෂා කිරීම ද පරමාධිපත්‍යය ය. සැම දෙනාගේ පණට ගරු කළ යුතු ය. ඒ ගෞරවය අසීමිත ය. ප්‍රමාණ නැත. පරමාධිපත්‍ය අත් හළ නොහැකි බව මානව අයිතිවාසිකම් ප්‍රඥප්ති සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල සඳහන් කර ඇත්තේ ඒ නිසාවෙනි.

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ කාලීන සාමාජිකයකු වීමට අවශ්‍ය සුදුසුකම් විමසීමේදී අති බිහිසුණු ත්‍රස්තවාදී සංවිධානයක් වන හමාස් සංවිධානය, පලස්තීනය පිළිගන්නේ ද? පලස්තීනය හමාස් ක්‍රියාකාරකම් සාසාධාරණීකරණය කරන්නේ ද? යන්න පහැදිලි ලෙස පලස්තීනය පිළිතුරු දිය යුතු ය. පලස්තීනය වෙනුවෙන් පෙනී සිටින රටවල් ද මේ විමසීමට උත්තර දීමට බැදී ඇත.

ආරියතිලක
2024.05.12