උතුරේ දෙමළ, මුස්ලිම් අයිතිය ගැන කඳුළු සලන අය සිංහලයන් ගැන නිහඬයි

Spread the News

උතුරේ දෙමළ, මුස්ලිම් අයිතිය ගැන කඳුළු සලන අය සිංහලයන් ගැන නිහඬයි

May 03, 2013 | 17 views

nothern sinhaleseඋතුරේ දෙමළ හා මුස්ලිම් ජනතාවගේ ඉඩම් අයිතිය ගැන කදුළු හෙලන අයසිංහලයින් ගැන නිශ්ශබ්දව සිටින්නේ මන්දැයි අවතැන් වූ උතුරේ සිංහලයන්ගේ එකමුතුව ප‍්‍රශ්න කරයි. එම සංවිධානයේ නැඳවුම්කාර නිශාන්ත වර්ණමිංහ මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටී. නිවේදනයේ මෙසේද දැක්වේ.

උතුරු පළාතෙන් පලවාහරින ලද මුස්ලිම් පවුල් නැවත පදිංචිකිරීම සදහා මන්නාරම් දිස්ති‍්‍රක්කයේ රජයේ ඉඩම් හා වනාන්තර ඉඩම් අක්කර 1,500 ක් මුදා හැරීමට රජය අදාල අංශ වෙත උපදෙස් දී ඇති බව පසුගිය දා මාධ්‍ය මගින් වාර්තාකර තිබිණ.උතුරු පළාත සදහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය හා පරිසර අමාත්‍යාංශය මීට අදාල කි‍්‍රයාමාර්ග ගනිමින් තිබෙන බව එහි වැඩිදුරටත් සදහන් කර ඇත. කොටි ත‍්‍රස්තවාදීන් විසින් උතුරෙන් පලවා හැරි මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමේ කිසිම වරදක් නැත. ගැටලූව වන්නේ උතුරෙන් පලවා හැරි සිංහල ජනතාව නැවත පදිංචි කිරීමට ඉඩම් ලබා නොදෙන්නේ ඇයිද යන්නයි. උතුරෙන් පලවා හැරි මුස්ලිම්වරුන්ට රජයේ ඉඩම් වනාන්තර වෙන් කරන්නේ නම් උතුරෙන් මුලින්ම සංහාරයට හා පලවා හැරීමට ලක්වූ සිංහල ජනතාවට ඉඩම් සහ නැවත පදිංචි කිරීම් සදහා අනෙකුත් පහසුකම් ලබා නොදෙන්නේ කවර හේතුවක් මතද? අවතැන්වූවන් සියළු දෙනා පදිංචි කරන්නේ නම් මුලින්ම උතුරේ අවතැන් වී ගම් බිම් හැර ගිය සිංහල ජනතාව පදිංචි කිරීම රජයේත් අවතැන්වූවන් නැවත පදිංචි කිරිමේ අමාත්‍යාංශයේත් වගකීම නොවේද? මෙයින් පෙනී යන්නේ සිංහලවීම නිසාම සිංහලයන්ට උතුරේ ජීවත්වීමේ අයිතිය, නැවත පදිංචිවීමේ අයිතිය අහිමි වී ඇති බවයි. මෙලෙස රටේ එක් ජන කොටසකට වෙනස් ලෙස සලකන්නේ රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවද උල්ලංඝණය කරමිනි. උතුරේ දෙමළ ජනතාවගේ ඉඩම් ගැන කතා කරන එක්සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්‍ෂයේ පක්‍ෂ පවා උතුරේ සිංහලයින්ගේ ජීවත්වීමේ අයිතිය ගැන කතා නොකරන්නේ දෙමළ ජාතිවාදයට හා නිජබිම සංකල්පයට අනුකූලතාවය පල කරන නිසාද? එසේ නැත්නම් උතුරේ දෙමළ ඡුන්ද කුට්ටියට කෙල හලන නිසාදැයි අප ප‍්‍රශ්න කරන්නෙමු. උතුරේ දෙමළ ජනයාගේ ඉඩම් අයිතිය හා උතුරෙන් පලවා හැරි මුස්ලිම්වරුන්ගේ ඉඩම් අයිතිය වෙනුවෙන් කදුළු හෙලන කිසිවෙක් උතුරේ වාර්ගික පවිත‍්‍රකරණයට, සංහාරයට ලක්වී ගම් බිම් අහිමි වූ සිංහලයින් වෙනුවෙන් කතා නොකිරීම පිටුපස ඇති ඇත්ත යතාර්ථය රටට හෙළිකරන ලෙස ආණ්ඩුවේ වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටින අතර, සිංහලයින් නැවත පදිංචි කිරීමේදී නොසලකා හැරීම සම්බන්ධව බලවත් අප‍්‍රසාදය හා විරෝධය පල කරන අතර, උතුරේ අවතැන් වූ සිංහලයින් නැවත පදිංචිකිරීම පිළිබදව එක්සත් ජාතික පක්‍ෂයේත්, ජනතා විමුක්ති පෙරමුණේත් ප‍්‍රතිපත්තිය රටට හෙලි කරන ලෙසද ඉල්ලා සිටිමි.