Breaking
Sat. Sep 14th, 2024

‘ආරංචිය සුබයි’ කියමින් ජනපති රනිල් රට ගෙනියන්නේ කොයිබට ද? – වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී අනාවරණයක් (වීඩියෝ)

Spread the News

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ‘සුබ ආරංචිය’ අලෙවිකරණ පණිවිඩක් ලෙසින් ඉදිරියට ගෙන එන්නේ ණය ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලියේ විශාල ජයග්‍රහණයක් ලෙස පෙන්වමින් බවත්, නමුත් සැබෑ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රූපවාහිනී සංවාදයකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිසින් ගැලවුනු ඔටුන්න රනිල් වික්‍රමසිංහ මහතාගේ හිසට වැටුනු බව පෙන්වීමට උත්සාහ දැරුවද, දේශීය හා ජාත්‍යන්තර මැදිහත්වීම් මත එය සැලසුම් සහගතව රනිල් වික්‍රමසිංහ මහතාව බලයට ගෙන ඒමට සිදුවූ ක්‍රියාවලියක් බව අද වන විට හෙළිදරව් වී ඇති බවය.

1815 දී ද මෙරට තුළ සිදුවූයේ මෙවැනිම සිදුවීමක් බවත් පවසන වසන්ත බණ්ඩාර මහතා, ශ්‍රී වික්‍රම රාජසිංහ රජුව මෙරට ප්‍රභූවරුන් විසින් පාවාදී අත්අඩංගුවට ගත් පසු ඔහු ප්‍රභූවරුන්ට පැවසුවේ ‘මට නැතිවුනේ කිරුළ විතරයි, උඹලට උඹලගේ රට නැති වෙනවා’ යනුවෙන් යැයි ද සඳහන් කරයි.

වර්තමානයේ සිදුවෙමින් පවතින්නේද එවැනිම ක්‍රියාවලියක් බවත්, ගොඨාභයට නැතිවුනේ කිරුළ පමණක් බවත්, මෙරට ජනතාවට රට නැතිවෙමින් පවතින බවත් ඒ මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.

එදා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු බලයෙන් පහකිරීම ජෝන් ඩොයිලිගේ සැලසුමක් අනුව සිදුවූ බවද, අද එලෙසින්ම මෙරට අමෙරිකානු තානාපතිනියගේ සැලසුම් හරහා මෙම ක්‍රියාවලිය දියත්වන බවද මෙහිදී වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.

ආණ්ඩු වෙනස සිදුවන විටදී මෙරට තිබූ ණය ප්‍රමාණය දල වශයෙන් ඩොලර් බිලියන 83ක් පමණ බවද, දැන් එය ඩොලර් බිලියන 100 දක්වා වැඩිවී ඇති බවද පවසන ඒ මහතා, එලෙස ඩොලර් බිලියන 17කින් ක්ෂණිකව වැඩිවීම පිළිබඳව ද මෙහිදී සවිස්තරව තොරතුරු අනාවරණය කරයි.

Related Post