ෆේස්බුක් එකෙන් වෛරී ප‍්‍රකාශ පැතිරූ පුද්ගලයා සමග පාස්කු ප‍්‍රහාරකයෝත් සම්බන්ධ වෙලා

Spread the News

fasku1

ආගමික හා ජාතික සමගියට බාධා වන පරිදි වෛරී සහගත ප‍්‍රකාශ අන්තර්ජාලයට මුදාහැරීමේ ොච්දනාව යටතේ අත්අඩංගුවට ගත් ෆසාල් මොහොමඞ් නිසාර් නමැත්තා පවත්වාගෙන ගිය සන්නිවේදන ජාලයට පුද්ගලයන් 494 දෙනකු සම්බන්ධ වී ඇති බවත්, ඔවුන් අතර එක්තරා මුස්ලිම් දේශපාලනඥයකු හා පාස්කු ප‍්‍රහාරවලට සම්බන්ධ පුද්ගලයන් සිටින බවට තොරතුරු ලැබී ඇති බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (01දා) කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් මොහොමඞ් මිහාල් මහතාට වාර්තා කළේය.

මේ වනවිට එකී චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රැුඳවුම් නියෝග මත රඳවාගෙන ප‍්‍රශ්න කරන එම සැකකරු එකී සන්නිවේදන ජාලය පවත්වා ගෙන ගොස් ඇත්තේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය නොමැතිව බව අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක වෝහාරික විiා අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක කේ. සේනාරත්න මහතා අධිකරණය හමුවේ පැවසීය.

එම සැකකරු එකී සන්නිවේදන ජාලය සකස්කර ඇත්තේ එහි නම් සඳහන් පුද්ගලයන්ගේ අනන්‍යතාව වසන්කරමින් බොහෝ දුරට සංකේත ක‍්‍රමවේදයක් භාවිතකරමින් වන නිසා එම පුද්ගලයන් නිවැරදිව හඳුනාගැනීම සඳහා ඉතා පුළුල් ආකාරයෙන් පැතිකඩ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇතැයි ද ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා එහිදී කියා සිටියේය.

එම සැකකරු භාවිත කළ දුරකථන හා පරිගණක සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ බවත් එම ජංගම දුරකථනයෙන් තොරතුරු ලබාගැනීමට නොහැකි වන ආකාරයෙන් දුරකථන ජාලය අවහිර කර ඇති බවත් අධිකරණයට පෙන්වා දුන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව රුපියල් ලක්‍ෂ 625 කට අධික මුදලක් කෙටි කාලයක් තුළ සංසරණය වී ඇති ඔහුගේ බැංකු ගිණුමට අමතරව ඔහු නමින් පවතින තවත් බැංකු ගිණුම් කිහිපයක් සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කොට ඇතැයි කියා සිටියේය.

එම සැකකරු මහෙස්ත‍්‍රාත්වරයාට රහස්‍ය ප‍්‍රකාශයක් ලබාදීමට අවසර ලබාදෙන ලෙසට මින් පෙර නඩු දිනයේදී අධිකරණයෙන් ඉල්ලීමක් කොට තිබූ නමුත් එම ඉල්ලීම අස්කරගන්නා බව ඔහුගේ නීතිඥවරයා ඊයේ (01දා) අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ. ජේ. ඒ. අබේනායක සහ කශුනි රෙබෙකා