සංචාරකයන් ලෙස ශ්‍රී ලංකාවට පැමිණ අන්තවාදී ආගම් පැතිර වූ විදේශිකයන් රටින් නෙරපයි

Spread the News

The Tabligh al-Jama’at

සංචාරකයන් ලෙස ශ්‍රී ලංකාවට පැමිණ
අන්තවාදී ආගම් පැතිර වූ විදේශිකයන් රටින් නෙරපයි

161 දෙනකුට වහාම පිටවීමට නියෝග source:

සමන් ගමගේ

සංචාරකයන් ලෙස ශ්‍රී ලංකාවට පැමිණ රටපුරා විවිධ ප්‍රදේශවලට ගොස්‌ අන්තවාදී ආගමික අදහස්‌ පතුරවමින් සිටි විදේශිකයන් එකසිය හැට එක්‌ දෙනකුට වහා මෙරටින් පිටවන ලෙස රජය දැනුම් දී තිබේ.

එම දැනුම් දීමට අනුව මේ වන විට එම විදේශිකයන් අතරින් හැටදෙනකු පමණ ශ්‍රී ලංකාවෙන් පිටව ගොස්‌ ඇතැයි ආගමන විගමන පාලක චූලානන්ද පෙරේරා මහතා “දිවයින”ට පැවැසීය.

සංචාරක වීසා මගින් අවස්‌ථා කිහිපයකදී ශ්‍රී ලංකාවට පැමිණ ඇති මෙම විදේශිකයන් පිරිස “ටබ්ලියා ජමාට්‌” නමැති අන්තවාදී ඉස්‌ලාමීය සංවිධානයට අයත් පිරිසක්‌ බවට අනාවරණය වී ඇත.

මෙම “ටබ්ලියා ජමාට්‌” සංවිධානය යනු ඉන්දියාව, බංගලාදේශය, පාකිස්‌ථානය, මාලදිවයින සහ අරාබි රාජ්‍යයන් තුළ ක්‍රියාත්මක අන්තවාදී අදහස්‌ දරන්නන්ගෙන් සැදුම්ලත් ඉස්‌ලාමීය සංවිධානයකි.

ශ්‍රී ලංකාවට පැමිණ විවිධ ප්‍රදේශවලට කණ්‌ඩායම් ලෙස ගොස්‌ ඇති මොවුන් අඩු වරප්‍රසාදලාභී මුස්‌ලිම් ජනතාව ඉලක්‌ක කර විෂම ආගමික මතවාද පතුරවා ඇතැයි චෝදනා එල්ල වී ඇත.

විදේශිකයන්ට සංචාරක වීසා ලබා දෙනුයේ රට තුළ සංචාරය කිරීමට මිස වෙනත් දේට නොවන බවද කියා සිටි ආගමන විගමන පාලකවරයා අදාළ විදේශිකයන් වීසා රෙගුලාසි උල්ලංඝනය කරන බවට ලැබුණු තොරතුරු අනුව සිදුකළ විමර්ශනවලදී එය තහවුරු වූයෙන් මෙම පියවර ගනු ලැබූ බවද සඳහන් කළේය.