ශී‍්‍ර ලංකාවේ ළමා අපයෝජන අඩු මට්ටමක

Spread the News

Divaina

ajithrohana

ආසියානු හා යුරෝපා රටවල්වලට සාපේක්‍ෂව ශී‍්‍ර ලංකාවේ ළමා අපයෝජන සිදුවීම අඩු මට්ටමක පවතින බවත්, නවීන තාක්‍ෂණයත් සමග අපචාර හඹා යෑමේ අවස්ථා බහුලවීම නිසා සිද්ධීන් වාර්තාවීම වැඩි වී ඇති බවත් 20 වැනිදා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, මාධ්‍ය ප‍්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.
 
 ළමා ආරක්‍ෂාව වෙනුවෙන් 1989 ළමා ප‍්‍රඥප්තිය හඳුන්වා දී ඇති අතර ළමා හා කාන්තා කාර්යාංශය, ළමා රක්‍ෂණ අධිකාරිය ආදී ආයතන රාශියක් පිහිටුවා තිබේ. වර්තමානයේ ළමා අපයෝජන පිටුදැකීම සඳහා කෙටිකාලීන හා දීර්ඝ කාලීන පියවර රැුසක් ගෙන තිබේ. නීති දැඩි කිරීමට ද සැලසුම් කර ඇත. උදාහරණයක් ලෙස 1995 සංශෝධනය හා 345 දණ්ඩ නීති සංග‍්‍රහයේ හිරිඔතප් බිඳීම යන වරද ලිංගික අතවර කිරීම ලෙස වෙනස් කොට ඇත. ජනතාව දැනුවත් කිරීම තුළින් අපචාර වළක්වා ගැනීම හා හඹා ගොස් නීතිය කි‍්‍රයාත්මක කිරීම දෙයාකාරයකින් සිදු කරමින් පවතී.
 
 වර්තමානයේ නවීන තාක්‍ෂණයත් සමග විමර්ශන ඉතා සංකීර්ණ හා පුළුල් වී තිබේ. පරිගණක විමර්ශන ඒකකය හා පොලිස් මාධ්‍ය කොට්ඨාසය අන්තර්ජාල සංචාරක ක‍්‍රමවේදය හරහා නිරන්තරයෙන් අන්තර්ජාල අපයෝජන ප‍්‍රවේශ සොයා බලමින් සිටී.
 
 ළමා අපයෝජන සම්බන්ධයෙන් නීතිය කි‍්‍රයාත්මක කිරීමේදී කිසිදු පාර්ශ්වයකට හෝ කිසිදු බලපෑමකට යටත් නොවන බවත්, දරුවන් විශාල වශයෙන් අන්තර්ජාල පරිශීලනයේ යොමු වී ඇති යුගයක ඒ පිළිබඳ දැඩි අවධානයකින් පසුවීම හා ළමා අපයෝජන වළක්වා ගැනීම සම්බන්ධයෙන් ජනතාවට ද විශාල වගකීමක් ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තවදුරටත් පැවසීය.