රිෂාඞ් ඇතුළු 3 ක් තවදුරටත් රිමාන්ඞ්… රියෑදුරෝ දෙදෙනාත් ඇතුළට නීති සිසුවාට සහ සැගව සිටි නිවසේ

Spread the News

Picture

වෛද්‍ය වාර්තාවලින් පෙන්වාදී ඇති පරිදි දියවැඩියාව, අධික රුධිර පීඩනය, මානසික ආතතිය හා දකින දකින දේ කන්න කන්න ආසා හිතෙන රෝගය වැනි රෝග පහක් තිබෙන රෝගියකු වන රිෂාඞ් බදුර්දීන් දින ගණනාවක් පොලිස් ඇසට වැලි ගසමින් සැ`ගවී සිටියා නොවේදැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා එහිදී විත්තියෙන් විමසා සිටියේය.
උපුටා ගැනීම දිවයින – ඒ. ජේ. ඒ. අබේනායක

රජයට අයත් රුපියල් ලක්‍ෂ 95 කට අධික මුදලක් සාපරාධී සාවi පරිහරණය කිරීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදුර්දීන් මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 13 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ මහතා ඊයේ (10 දා* නියෝග කළේය.

නීති විරෝධී අන්දමින් ගිනි අවි දෙකක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන සිටින රිෂාඞ් බදුර්දීන් මහතාගේ රියැදුරන් දෙදෙනාද ලබන 18 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත‍්‍රාත්වරයා එහිදී වැඩිදුරටත් නියෝග කළේය.

සමගි ජනබලවේගය පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අබ්දුල් රිෂාඞ් බදුර්දීන්, සම්සුදීන් මොහොමඞ් යාසින්, අලගරත්නම් මනෝරංජන්, අබ්දුල් මොහොමඞ් සලාම්, හිජාම් මොහොමඞ් රම්සි නමැති සැකකරුවන් පස්දෙනා එලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණි. රිෂාඞ් බදුර්දීන් මහතාට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගහැර සිටීමට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ පවත්වමින් සිටියදී ඊයේ (10 දා* නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට භාර වූ සීමාවාසික පුහුණුව ලබන නීති සිසුවකු වන රෂිෆ් මෆාර් හා රිෂාඞ් බදුර්දීන් මහතා සැ`ගවී සිටි නිවාස සංකීර්ණයේ පිහිටි නිවස හිමිකරු වන මරික්කාර් අබ්දුල් හකීම් යන දෙදෙනා රුපියල් ලක්‍ෂ පහ බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට ද මහෙස්ත‍්‍රාත්වරයා එහිදී නියෝග කළේය.

සැකකාර නීති සිසුවා ඔහුගේ වාහනයෙන් එම නඩුවේ ප‍්‍රධාන සැකකරුවකු වන රිෂාඞ් බදුර්දීන් නමැත්තාව සැ`ගවී සිටීම සඳහා එම නිවසට ගෙන ගොස් ඇති බවත්, එක්තරා ජනාධිපති නීතිඥවරයකුගේ නිල මැදිරියේ සිට රිෂාඞ් බදුර්දීන් නමැත්තා රහසිගතව ගෙන ගොස් ඇත්තේ ඔහු පොලිසිය අත්අඩංගුවට ගැනීමට නියමිත අයකු බව දැනුවත්ව සිටියදී බවත් පෙන්වා දෙමින් එම සැකකරුවන් දෙදෙනාට ඇප ලබා නොදෙන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

තව නොබෝ දිනකින් නීතිඥවරයකු ලෙස දිවුරුම් ලබාදීමට සිටින සැකකාර නීති සිසුවා මුළු රටම අවධානයෙන් සිටි සැකකරුවකු වන රිෂාඞ් බදුර්දීන් වැන්නකුට එලෙස නීති විරෝධී අයුරින් සහාය දැක්වූයේ නම් අනාගතයේදී කෙලෙස අනීතික කටයුතුවල නිරතවිය හැකි දැයි අවධානය යොමු කරන ලෙසද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

රිෂාඞ් බදුර්දීන් මහතා මේ වන විට බන්ධනාගාරයට රැුගෙන ගොස් ඇති බවත් දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි රෝගවලින් පෙළෙන ඔහුගේ රෝග තත්ත්වයන් බන්ධනාගාරය තුළදී උත්සන්නවීමට ඉඩ ඇති බැවින් ඕනෑම ඇප කොන්දේසියක් යටතේ ඔහු ඇතුළු සෙසු සැකකරුවන් මුදාහරින ලෙසට ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ඇතුළු නීතිඥ මණ්ඩලය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

රිෂාඞ් බදුර්දීන් මහතාගේ රෝග තත්ත්වයන් දැක්වෙන දේශීය හා විදේශීය විශේෂඥ වෛiවරුන්ගේ වෛද්‍ය  නිර්දේශ වාර්තා ඉදිරිපත් කරමින් දීර්ඝ ලෙස කරුණු දැක්වූ නීතිඥවරුන් එම ඉල්ලීම් කළහ.

සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා එකී වෛi වාර්තා ඔහුගේ ඇප ඉල්ලීම වෙනුවෙන් නිර්මාණය කළ ඒවා ලෙස තමන් දකින්නේ යැයිද අධිකරණයට පැවසීය.

පසුගිය 27 වැනිදා ඔහු වෙනුවෙන් කළ ඇප ඉල්ලීම අධිකරණය විසින් ප‍්‍රතික්‍ෂේප කළ වහාම පසු දින මෝසමක් මගින් එකී වෛi නිර්දේශ අධිකරණයට ඉදිරිපත් කිරීම අධිකරණය නිකුත් කළ ඇප ප‍්‍රතික්‍ෂේප කිරීමේ නියෝගය අවලංගු කර ගැනීමේ කූට ව්‍යායාමයක් වන්නේ යැයි ද හෙතෙම කියා සිටියේය.

තැනින් තැනට දුවපනිමින් දින ගණනාවක් සැ`ගවී සිටි ඔහු එක්වරම රෝගියකු බවට පත්වීම පුදුම සහගත බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ ප‍්‍රකාශ කළේය.

ඔහුගේ රෝග තත්ත්වය කිසිවකුගේ ඇසට වැලි  ගැසීමට කළ දෙයක් නොවන බවත් ඔහුගේ රුධිර මට්ටම ඉහළ යාම පිළිබඳව ඔහුගේ නිවසට පසුගිය අට වැනිදා දැනුම් දුන්නේ බන්ධනාගාරයේ වෛiවරයා ලෙස හඳුන්වාදුන් අයකු බන්ධනාගාරයේ නිල ස්ථාවර දුරකථනයෙන් බවත් ඊට පිළිතුරු දෙමින් ජනාධිපති නීතිඥ අනුජ පේ‍්‍රමරත්න මහතා පැවසීය.

සැකකරුවන්ගේ නිවාසවලට දුරකථන ඇමතුම් ලබාදී ඔවුන්ගේ රෝග තත්ත්වය පිළිබඳව බන්ධනාගාරය මගින් දැනුම් දෙන්නේ දැයි මහෙස්ත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ මහතා එහිදී විත්තියේ නීතිඥවරයාගෙන් විමසීය.

නෑ ස්වාමිනි අපි දුරකථන මගින් විමසුවාට පසුවයි බන්ධනාගාරයෙන් එලෙස දැනුම් දුන්නේ යැයි ජනාධිපති නීතිඥ අනුජ පේ‍්‍රමරත්න මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

වෛi වාර්තාවලින් පෙන්වාදී ඇති පරිදි දියවැඩියාව, අධික රුධිර පීඩනය, මානසික ආතතිය හා දකින දකින දේ කන්න කන්න ආසා හිතෙන රෝගය වැනි රෝග පහක් තිබෙන රෝගියකු වන රිෂාඞ් බදුර්දීන් දින ගණනාවක් පොලිස් ඇසට වැලි ගසමින් සැ`ගවී සිටියා නොවේදැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා එහිදී විත්තියෙන් විමසා සිටියේය.

කොරෝනා වසංගත තත්ත්වය නිසා හැකි සෑම සැකකරුවකුම ඇප මත මුදාහැරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට නීතිපතිවරයා විසින්ම වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබියදීත් සිය සේවාදායකයන්ට ඇප ලබා දීමට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විරුද්ධත්වයක් දක්වන්නේ මන්දැයි සිතාගත නොහැකි බව විත්තියේ නීතිඥවරුන් අධිකරණයට පැවසූහ.

සෑම සැකකරුවකුට හා සිරකරුවකුටම මානුෂීය අන්දමින් සැලකීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ නොවන නමුත් යම්කිසි බලයක් ඇති එවැනි සැකකරුවන්ට පමණක් නොව 26,000 ක් පමණ සෙසු සැකකරුවන්ට හා රැුඳවියන්ටත් එකී අයිතිවාසිකම ලබාදිය යුතු බව දිලීප පීරිස් මහතා පැවසීය.

නීතිඥ ගෞරි තවරාසා මහත්මියගේ උපදෙස් මත නීතිඥ ආනොල්ඞ් ප‍්‍රියන්තන්, ජනාධිපති නීතිඥ කේ. පී. තවරාසා, ජනාධිපති නීතිඥ අනුජ පේ‍්‍රමරත්න හා ජනාධිපති නීතිඥ අනිල් සිල්වා යන මහත්වරු ඇතුළු නීතිඥ මණ්ඩලයක් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.