මානව හිමිකම් කොමිසමෙන් අමෙරිකාවට එරෙහි පරීක්ෂණ

Spread the News

නියමු රහිත ගුවන් ප්‍රහාරවලින් 891ක් මියගිහින්

මානව හිමිකම් කොමිසමෙන් අමෙරිකාවට එරෙහි පරීක්ෂණ

පණ්ඩුක සමරසේකර – රක්ෂණ ශ්‍රියන්ත

 Source:

නියමුවන් රහිත ගුවන් යානා යොදා ගනිමින් අමෙරිකාව එල්ල කළ ප්‍රහාරවලින් පකිස්ථානය ඇතුළු නම හෙළි නොකළ රටවල් දෙකක අහිංසක වැසියන් 891 ක් මිය යාම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසම අමෙරිකාවට එරෙහිව පරීක්ෂණ ආරම්භ කර ඇත.

සී. අයි. ඒ. සංවිධානය මඟින් අමෙරිකාවට ලබා දුන් රහස් තොරතුරු මත මේ ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරයි.

ලොව විවිධ රටවලින් අමෙරිකාවට එරෙහිව මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් කරන චෝදනාවලට අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම පියවර ගත් බව එම සංවිධානය පවසයි.