මාක්ස්වාදය,ජවිපෙ හා බොදු පුනරුදය

Spread the News

මාක්ස්වාදය,ජවිපෙ හා බොදු පුනරුදය

අන්තවාදි සංවිධාන තහනම් කරන්න.ජවිපෙ ඉල්ලයි

source:

“මේ රට තවත් යුද්ධයකට ඇද දැමීමට අන්තවාදි සංවිධාන කිහිපයක් පසු ගිය මාස කිහිපයේ සිට හිස ඔසවනවා” බිමල් රත්නායක පිටකොටුවෙදි මාධ්‍ය ප්‍රකාශයක් කරනවා.

අද ජවිපෙ ඇගිල්ල දිගු කරන්නේ පහු ගිය මාස කිහිපයේ ඇති උන බෞද්ධ පුනරුදයට එරහිව.ආගම අබිං කීව මාක්ස්ට අනුව පරම භෞතිකවාදින් වන ජේවීපියට බෞද්ධ පුනරුදය නයාට අඳුකොල සේය.ඒ ඔවුන්ගේ පැවැත්ම ඇත්තේ මිනිසා මුලාවේ සිටිනතාක් බව ඔවුන් හොඳින්ම දන්නා කරුණකි.

මාක්ස්වාදයේ ඉතිහාසය

මාක්ස්වාදය හෙවත් වාමාංශික ව්‍යාපාරයම එහෙම පිටින්ම අච්චාරුවකි.කාල් මාක්ස් 1818 දී ජර්මනියේ යුදෙව් පවුලක උපන් පුද්ගලයෙකි.ඔහු පසුකාලිනව දේශපාලන රැකවරණ පතා එංගලන්තයට සේන්දු වූවෙකි.එමෙන්ම මත්ද්‍රව්‍ය කෙරෙහි දැඩි ලොල් බවක් දැක්වූ පුද්ගලයෙකි.අබිං කෑමේ රුසියෙකි.දාස් කැපිටලය ලියූ කාල් මාක්ස් කම්කරුවන් සමග ජීවත් නොවු අනුන්ගෙන් සොරා ගන්නා ලද දැනුමකින් ලියු කෘතියකි.එහි මුල් අයිතිකරුවා හේගල් නම් ජර්මන් ජාතික ක්‍රිස්තියානි ආගම හැදෑරූ ශිෂ්‍යකුගේ උපාධි නිබන්ධනයකි.එහි මූලික හරය වූයේ පැරණි භාරතීය ආගමක් වූ චාර්වක වාදය.චාර්වක වාදය යනු තර්කය මත පදනම් වූ භෞතික වාදයකි.එහි හරයක් නොමැත.මේ ඔස්සේ කල්පනාකල මාක්ස් සිය අදහස් ද එකතු කර, තමන්ගේ පවුල බලාගත් ෆෙඩ්‍රිච් එංගල්ස් සමග එකතුව එංගල්ගේ නමත් ඈදා දාස් කැපිටලය ප්‍රසිද්දියට පත් කලෝය.එංගල්ගේ සහය ඇතුව 1842 දී පුවත්පතක් ආරම්භකරන මාක්ස් මේ හරහා නව න්‍යාය බටහිරයන්ට තිලිණ කලෝය.බොහෝ තරුණ පිරිස් කිතු දහම අත්හැර මේ නව න්‍යාය වටා එක්‍ රොක් වන්නට විය.මේ රැල්ල සීග්‍රයෙන් යුරෝපය පුරා පැතිරීමත් සමග මාක්ස් නව චින්තකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත්වේ.මෙම න්‍යාය වැලඳගත්තවුන්ට කොමිනිට්ස්වාදින් එසේ නැතහොත් ලෙෆ්ටිස්ට් යනුවෙන් හඳුන්වා ඇත.

හිපියන් යනු රයිට් වැඩ නොකල පුද්ගලයන්ය.ඔවුන් කනපිට වැඩකරන්නන් ලෙස ඉංග්‍රීසි සමාජයේ හඳුන්වා ඇත.එලෙසින්ම මේ කොමියුනිස්ට්වාදින්ද “රයිට්” වැඩ නොකරන කනපිට වැඩ කරන පුද්ගලයන් ලෙසින් සලකා “ලෙෆ්ටිස්ට්” යන නමින් ඔවුන් හඳුන්වන්නට විය.නමුත් ශ්‍රීලංකාවට කොමියුනිස්ට් වාදය පැමිනෙන විට ලෙෆ්ටිස්ට්ලා කනපිටවැඩකරන්නන් නොව “වාමාංශිකවාදින්” ලෙස කණට මිහිරි වචනයකින් ආමන්ත්‍රණය කරන්නට විය.

සමසමාජ පක්ෂය මුලින්ම මෙරට බිහි වූ වාමවාදි පක්ෂයයි.එතැන් පටන් රෝහණ විජේවීර ගේ ජනතා විමුක්ති පෙරමුණ(ආරම්භයේ දේශප්‍රේමි තරුන ව්‍යාපාරය) පසුකාලිනව වාමාංශික පෙරමුනේ පත්තු වී නිවුනු උල්කාපාත දේශපාල පක්ෂ විය.

ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ ආරම්භය හා විකාශනය

“සාදුකින් පෙලෙන් උන් දැන් ඉතින් නැගිටියව්” යන වාමාංශිකයන්ගේ ප්‍රසිද්ධ ගීතය යථාර්තයක් කර ගැනීමට රෝහන විජේවීර බොහෝ සෙයින් කැපවුනු පුද්ගලයෙකි.මේ සඳහා ඔහු අනුගමනය කලේ ජෝසප් ස්ටාලිං, මාඕ සේතුං ආදි ප්‍රභල කොමිනිස්ට්වාදි චරිතයන් වල අනුභූතිකයක් මෙරට නිර්මණය කරවීමටය.ඒ සඳහා ඔහු දේශප්‍රේමි තරුණ ව්‍යාපාරය ආරම්භ කලේය.නමුත් ඔහුගේ කාලය වනවිට ජනතාවට සාදුකක් නොවීය.ආසියාවේ දෙවන ආර්ථිකය ශ්‍රීලංකාවට හිමිවීතිබින.ඒ නිසා ඔහු රුසියාවේ අත් දුටු සා දුක මේ රටේ බහුතරයකට අරුමයක්ම විය.විජේවීර මෙය හඳුනා ගත්තේ නැත.ඔහු දේශියකරණය කල සමාජවාදයක් වෙනුවට දාස්කැපිටලය ගෙඩිය පිටින් ලංකාවට බැස්සවීමේ ක්‍රියාපටිපාටිඅක් අනුගමනය කලේය.එවකට මොවුන් මෙරට හැදින්වූයේ චේ ගුවේරා කාරයින් ලෙසය. 1950-1970 යනු ලොව පුරා සමාජවාදි රැල්ලක් හමාගිය කාලවකවානුවක් විය. වියට්නාම කැරැල්ල හා කියුබානු විප්ලවය ආදර්ෂයට ගත් දේශප්‍රේමි තරුණ ව්‍යාපාරය ශ්‍රී ලංකා ඉතිහාසයේ පලමු වතාවට සිංහල බෞද්ධ ආණ්ඩුවකට විරුද්ධව දේශය තුලින්ම පලමු අවරගණයේ ත්‍රස්තවාදි කැරැල්ලක් 1971 අප්‍රේල් ආරම්භ කලේය.එවකට සිරිමා බණ්ඩාරණායක ප්‍රමුඛ සමගි පෙරමුණු ආණ්ඩුව මගින් ඉතා පහසුවෙන් කැරැල්ල මර්ධනය කලා පමණක් නොව බොහෝ කැරලි නායකයන් අත් අඩංගුවට ගෙන සිරගත කරන ලදී.මේ හරහා ආරම්භ වූ මතවාදය පසුකලෙක එල් ටී ටී ඊ වැනි දරුණු ගනයේ සංවිධානයක් ආරම්භ වීමටද මූලික පසුබිමක් සකස් කරන්නක් විය.

1972-1977 සමගි පෙරමුණු ආණ්ඩුවේ සවෘත ආර්ථික රටාවත් 1977න් පසු ඇතිවූ එජාපය ආණ්ඩුවේ විවෘත ආර්ථිකයත් ජනතාව පෙලන්නට විය.1983 ජූලි කලබලයත් ප්‍රේමදාස ආණ්ඩුවේ ක්‍රියාකලාපයත් එල් ටී ටී ඊ සංවිධානයේ හිස එසවීමත් නිසා රටේ තරුණ පිරිසට නව දේශපාලන මුහුණුවරක අවශ්‍යතාවය ඉතා තදින්ම දැනෙන්නට විය.ඒ 1988 ආරම්භයයි.මේ යුගයේ අවශ්‍යතාවය ඔස්සේ බොර දියේ මාලුබෑම නැවතත් ජවිපෙ විසින් සූක්ෂම ආරම්භ කරනු ලබයි. ඉනික්බිති මාක්ස්වාදය මුසු සුරංගනා ලොවක් මවන ජවිපෙ පංති 5 තුලින් තරුණ මනස විකෘති කර කුරුවල් කරමින් රටේ බලය ඇල්ලීමට කැස කවයි. සිංහල බෞද්ධ රජයකට එරහි දෙවන ත්‍රස්තවාදි ප්‍රහාරයද ආගම අබිං යැයි පැවසූ මාක්ස්වාදි ජවිපෙ මූලිකත්වයෙන් ආරම්භ කරයි.රට පුරා දැවැන්ත භීෂනයක් ක්‍රියාත්මක වූ අතර ඉවක් බවක් නොමැතිව තරුණ ජීවිත මරුවාට බිලිවීම ආරම්භ විය.එහි කෙලවර වන්නේ සෝමවංශ අමරසිංහ හා කුමාර් ගුණරත්නම් පමණක් ඉතුරුව 60 000 කට අධික තරුණ ජීවිත රටට අහිමි කරවමිනි.විනාශ වූ ජීවිත වලින් 99%ක්ම බෞද්ධ පවුල්වල දුවා දරුවන් වූහ.බොහෝ පිරිස්වලට ආගම ඇදහීමේ නිදහස මේ කාලයේ සීමා කරනු ලැබීය.තැන තැන බාගෙට පිලිස්සුනු නිරුවත් මල සිරුරුය,ටයර් සෑයවල්ය,කඩා බිද දැමුනු ගොඩගැගිලි කෙලවරක් නොවීය.උතුරින් කොටි වනසද්දී දකුනේ ජවිපෙ ත්‍රස්තවාදය විය.රටම විශාලා මහනුවරක් බටව ඉතා කෙටි කලකින් පත් වී තිබුනි.ආසියාවේ “මිලේච්ඡයන්ගේ දේශය” යනුවෙන් ජාත්‍යන්තර (අප)කීර්තිමත් නාමයක්ද ජවිපෙ නිසා ඇති වුනි.රටේ සංවර්ධනය ගව් ගණකින් ආපස්සට ගියේය.එලෙස වාමවාදි කැරලි දෙකම නිශ්පලව, රටට විනාශයක් අත්කර දෙමින් අවසන් වන්නට විය.බොහෝ පන්සල් වල ස්වාමින් වහන්සේලා ඝාතනය කෙරුණි.පන්සල් වෙහෙර විහාරස්ථාන මංකොල්ල කෑවේය.වාමාංශික ව්‍යාපාරයේ නූතන ගමන් මග

තව දුරටත් කැරැල්ලකින් හෝ ත්‍රස්තවාදි ක්‍රියාවකින් පාලන බලය ලබා ගැනීමට නොහැකි බව ඔවුන් අවබෝධ කරගත්තේය.මේ නිසා පවතින සම්ප්‍රධායට අනුගත වීමට නව ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ නමින් ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලනයට එලඹියේය.1994න් පසු චන්ද්‍රිකා බණ්ඩාරණායක ආණ්ඩුව යටතේ පරිවාස ආණ්ඩුවක් පිහිටවා දේශප්‍රේමි ලේබලය අලවා ගත් ජනතා විමුක්ති පෙරමුණ එතැන් පටන් සීග්‍ර ගමනක යෙදෙන්න විය.ඉතිහාසයේ ප්‍රථම වරට ජවිපෙ නියෝජනට ඇමති ධූරයක් හිමිවිය.කවුරුත් පුල පුලා බලා සිටියේ කට මෙන්ම වැඩද සිදුවේ යැයි කියාය.”දහසක් මහ වැව්” අලංකාර නමකින් ආරම්භ කල ව්‍යාපෘතියකි.ජවිපෙට කට මිස වැඩ බැරි බව ප්‍රථම වරට ඔප්පු විය.සුනාමි සහන මණ්ඩලයක් නිසා ජවිපෙ චන්ද්‍රිකා රජයෙන් ඉක්මනින්ම ඉවත් වන්නේ නම රැකගෙන වැඩ බැරි උවත් කටින් බතකොල හිටවීමට සමත් වන නිසාය.කට නිසාම වරෙක ඔවුන් රටේ තුන්වන බලවේගය බවට පත්විය.2004 මහ මැතිවරණයෙන් න් පසු ජවීපෙට ලැබුනු බලය කටුස්සාගේ කරේ රත්තරන් බැදීමක් වැනි වුවේ දේශපාලනයේ හසල අත් දැකීම ඇති ජනාධිපතිවරයෙකුට තෝන් ලනුව දමා දක්කා යෑමට තැත් කල නිසාය.එහෙත් සිදු වුයේ අනිකකි ජවිපෙ කිසිවක් නොසිතූ දෙයකි.ලැබුනු බලය පාරා වලල්ලක් වී ඔවුන්ම විනාශ වී ගියේ පෙරකල පව් පල දුන්නා සෙය.

බෞද්ධ පුනර්ජීවනය හා ජනතා විමුක්ති පෙරමුණ

දැන් ජවිපෙට පාංශුකූලය දී අවසන්ය.ඔවුන් කිසා ගෝතමිය මල මිනියට පන උපදවන්න ගෙන් ගෙට ගියා සේ සීනුවත් කර තබා රට පුරාම දුවති.දියේ ගිලෙන එකා පිදුරු ගහෙත් එල්ලෙන්නා සේ මුස්ලිම් හෝ කතෝලික සහයෙන්වත් ගොඩ යෑමට ජවිපෙ අර අඳිමින් සිටී.එහි නූතන බිල්ල වන්නේ රට පුරා ඇතිවන බොදු පුනරුදය වේ.රට පුරාම විශ්ව විද්‍යාල කේෂ්ත්‍රය, අධ්‍යාපන කේෂ්ත්‍රය, ලංවිම, වරාය, වැනි ප්‍රධාන ආයතන සිය වෘත්තීය සමිති මගින් විනාශ කරනු ලැබූ ජවිපෙට ඉතිරිව ඇති අලුත්ම දඩයම වන්නේ බෞද්ධ ජනතාවය.කිසිම දවසක බුදු දහම වෙනුවෙන් කිසිම හඩක් නොනැගු ජවිපෙ මාක්ස්වාදින්ට අනුව අපේ උරුමය රැක ගැනීමට වලිකන සංවිධාන නයාට අඳුකොල සේය.දාස් කැපිටලය කර තබාගත් භෞතිකවාදින් කිසිම විටෙක ප්‍රායෝගික දර්ශනයකට අකමැතිය.මිනිසුන්ගේ ප්‍රඥාව වැඩිවන විට ඒ මිනිසුන් භෞතිකවාදය ප්‍රතික්ශේප කරන බැවිනි.රටක තරුණයන්ගේ මල මිනී මතින් නැගී සිටීමට උත්සහා කල ඔවුන්ට ජාතික කැක්කුමක් නොමැත.ඇත්තේ රටට පෙර තමන් යන්නය.බොදුනුවන් අවදි වනවිට උඩ පනින්නේ ඒ නිසාවෙනි.කෙලෙසක හෝ ලකුනු දමා තිර වීමේ අදිටන මිසක සබෑ දේශප්‍රේමයක් නොමැත.ගමේ සිටින අහිංසකයා ලබාදෙන අරමුදලින් සුර සැප විඳින මොවුන් ඒ පුද්ගලයා වෙනුවෙන් කිසිවක් සිදු කර නැත.මැයි දිනයට කම්කරුවා වෙනුවෙන් කෑ ගැසීම පලක් නැත.ඊට පලමුව සිදුකල හැකි කාර්යයන් රැසකි.අඩුම තරමේ රටේ උරුමයන් ටික ආරක්ශා කිරීමට කැපවන්නේ නම් මීට වඩා ආසනයක් හෝ දිනනු නො අනුමානය.ඔවුන් සෑම විටම තෝරා ගෙන ඇත්තේ වැරදි ගමන් මගය.කියන්නට ඇත්තේ මෙපණකි. බොදු උරුමයට එරහිව කෑ ගසා තවත් නන්නත්තාර වන්න කියනු පමණකි.