පාර්ලිමේන්තුවේ අසුන් ගෙන රට ජාතිය වෙනුවෙන් දිගටම සේවය කරනවා – හිටපු ජනපති මහින්දගෙන් නිවේදනයක්‌

Spread the News

පාර්ලිමේන්තුවේ අසුන් ගෙන
රට ජාතිය වෙනුවෙන් දිගටම සේවය කරනවා

– හිටපු ජනපති මහින්දගෙන් නිවේදනයක්‌

ලැබූ ජන වරමට අනුකූලව දේශපාලනයේ දිගටම නිරත වෙමින් පාර්ලිමේන්තුවේ අසුන් ගෙන රට ජාතිය වෙනුවෙන් මෙතෙක්‌ කළ සේවය දිගටම කරගෙන යන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසු හිටපු ජනාධිපතිවරයාගේ අත්සනින් ඊයේ (19 දා) නිකුත් කළ එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් නොයෙකුත් අභියෝග මධ්‍යයේ ලැබූ මෙම ප්‍රතිඵලය මම නිහතමානීව පිළිගනිමි.

මෙම මැතිවරණයේදී අප සන්ධානයට ඡන්දය දුන් සියලුම ආදරණීය ඡන්ද දායකයන්ටත්, ඡන්ද ව්‍යාපාරයේ දිවා රෑ නොබලා වෙහෙසුණු අපේ පාක්‍ෂිකයන්ටත්, මගේ හෘදයාංගම ස්‌තුතිය පුද කරමි.

මේ ලැබූ ජන වරමට අනුකූලව මම දේශපාලනයේ දිගටම නිරත වන බවත්, පාර්ලිමේන්තුවේ අසුන්ගෙන මා මෙතෙක්‌ රට ජාතිය වෙනුවෙන් කළ සේවය දිගටම කරගෙන යන බවත් මේ අවස්‌ථාවේදී ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.