එන්.ජී.ඕ. ප‍්‍රධානීන් සිව්දෙනකුට රහස් ලිපිගොනු ගන්න සී.අයි.ඞී. දෙදෙනකු උදව් කරලාලූ….

Spread the News

Courtesy Divaina :කීර්ති වර්ණකුලසූරිය

ngo135 රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානීන් සිව්දෙනකු පසුගිය සමයේ රහස් පොලිසියේ නිලධාරීන් දෙදෙනකුගේ සහායෙන් දේශපාලන, මානව හිමිකම් සහ අපරාධ නඩුවලට අදාළ රහස් ලියවිලි ලබාගෙන ඇතැයි රජයට හෙළිවී ඇත. මෙම රහස් ලියවිලි ස්විස් නඩු අධ්‍යක්ෂවරයා වෙත ද ලැබී තිබේ. රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් හමුදා සහ නාවික බුද්ධි නිලධාරින් 41 දෙනා සම්බන්ධ නඩුවල  ලිපිගොනු ද එම නිලධාරීන් විසින් රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානීන් වෙත ලබා දී ඇත.

මේ නිසා එම බුද්ධි නිලධාරීන්ට යුද අපරාධ චෝදනා එල්ල වී තිබේ. රජයේ ආරංචි මාර්ග පැවසුවේ රහස් පොලිසිය තුළට ගොස් එම ලිපිගොනු ලබාගත් රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානීන් සිවුදෙනා රජයේ ප‍්‍රබල දේශපාලනඥයකුගේ සමීප අය බවයි.